2021 ජූනි මස 09 වෙනි දින ආරම්භ වූ Ceylon Bangtan යූ ටියුබ් චැනලයේ Comments හරහා මුණ ගැසුණු ශ්‍රී ලාංකික OT7 BTS ARMY අපි, අපේ සහෝදරත්වයට/ මිත්‍රත්වයට දුන්න නම තමා OLCB (One Love Ceylon Bangtan).
පිළිලයක් වගේ පැතිර යන වැරදි රසික හැසිරීම් වෙනුවට කලාකරුවෙක් නිසි ලෙස අගය කරන, ඒ කලා නිර්මාණ වලින් ජීවිතයට වැදගත් යමක් එකතු කර ගන්න උත්සාහ කරන, BTS කණ්ඩායමේ සැබෑ රසිකයෙක් විදිහට (Real OT7 ARMY) සාමාජිකයින් 7 දෙනාටම එක සේ සහයෝගය දක්වන රසිකයින්ගෙන් පමණක් නිර්මාණය වුණු අපේ OLCB හරහා පුංචි කාලයක් ඇතුලත අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් වුණා.
“One Love Ceylon Bangtan – OLCB” කලා නිර්මාණ:
??✨️✨️??✨️✨️
මම තනියම ඉදගෙන ඉන්නකොට…
මගෙ මේසෙ උඩ තියෙන පොත් පෑන් අස්සෙන්…
හිත වෙන වෙන තැන් වල දුවනවා…
ඒ තැන් වලට දුවන හිත ආපහු අරගෙන එන්න හරිම අමාරුයි… අදුරුම අදුරු කාමරයක් ඇතුලේ…
තනිවෙලා මම මාවම හොයපු වාර අනන්තයි…
ඒ ඇතුලෙ මාව පැටලුන වෙලාවට…
මේ ලෝකෙන් අතුරුදහන් වෙන්න හදපු අවස්තා එමටයි… මට මාවම එපා වුන, මම මටම රිද්දපු, මටම වැරදි කියාගත්තු තැන් ගොඩයි…
කිසිම දෙයක් කියාගන්න බැරුව, කිසිම දෙයක් හිතාගන්න බැරුව…
අසරණ වුන තැන් ගොඩයි… ඒ හැම හිත් රිදීමක්ම ඇතුලෙ, මම ලස්සනට හිනා වෙන්නේ…
ලස්සනම ලස්සන හිත් හතක් නිසා…
මගේ අදුරු කාමරේ ඒ ලස්සන හිත් නොතිබුනා නම්, මම තවත් අදුරට යනවා… මම කඩා වැටෙන හැම තැනදිම…
“කෙල්ලේ,ඔයා හරි ශක්තිමත්,ඔයා හරි බුද්ධිමත්” කියලා මට වැටෙන්න නොදී මාව බේරගත්තේ එයාලා…
මම අනුන් වෙනුවෙන් වෙනස් වෙන්න හදද්දි…
මම මට වෙනුවෙන් වෙනස් වෙන්න ඕන කියල කියල දුන්නෙ එයාලා… මම මම ගැනම සෑහීමකට පත් නොවී පරිපූර්ණ වෙන්න හදපු හැම තැනදිම…
ඔයා පරිපූර්ණ වෙන්න ඕන නෑ ඔයා ඔයාම වෙන්න කියල කියලා දුන්නේ එයාලා… මටම කියලා අලුත් හීනයක්…
මටම කියලා අලුත් බලාපොරොත්තුවක්…
මැරෙන්න බයේ ජීවත් වුන මට අලුත් ජීවිතයක්…
මේ හැම දෙයක්ම ලබා ගන්න මට මග පෙන්නුවෙ එයාලා… මටම ආදරේ කරන්න…
මාවම විශ්වාස කරන්න…
හීන දකින්න…
ඒ හීන ඇතුලෙ දිදුලන්න…
ලස්සනම ලස්සනට හිනා වෙන්න පුලුවන් කියලා මට විශ්වාසයක් ඇති කලේ එයාලා… මට විතරක් සීම නොවුනු තව මිලියන ගනනකගෙ ජීවිත වලට ආලෝකයක් ගෙනාපු…
කවදාවත් කඩ නොවෙන ඒ දම් පාට පොරොන්දුවත් එක්ක…
හැමදාමත් අත් අල්ලන් මාවත වෙනස් වුනත් එකම දිශාවට ගමන් කරන…
හැමදාමත් අපේ ජීවිත වලට ලස්සනම ලස්සන මතක එකතු කරන…
මම විශ්වාස කරන එකම මැජික් එක…
ඒ තමයි දම්පාට පොරොන්දුව…
??✨️✨️??✨️✨️
නිර්මාණය: නිපුනි තත්සරණි, BTS ARMY
??✨️✨️??✨️✨️
I was walking along the corridor
Thinking I wouldn’t be happy anymore
I was watching there people suffering
But I already felt the same thing!
I was checking on what’s wrong with them
But I doubted what’s wrong with me then?
I was waiting for good reports
But I had no hope in me though!
I was investigating the cause
I found you incidentally of course
It was tricky making diagnosis
But you immediately found my disease!
I was always looking at the rhythm sheet
But only you could hear my heartbeat
I was told that my life was gifted
But you made my soul uplifted!
Beyond The Scene, you found my strength
And you healed me behind my steth… ?
??✨️✨️??✨️✨️
Poem by: Sri Lankan BTS ARMY, Doctor, Colombo
✨️✨️✨️✨️
අමරණීයම මතක සටහන්…..
කාලයත් සමඟ බොඳවී ගියද
සදාදරණීය වූ ඒ පොරොන්දුවේ
බලාපොරොත්තු …
කිසිදාක මිලින නොවනු ඇත!!!!
දම් පැහැ වූ බබලන සයුරක
ගිමන් නිවනා වූ ඒ ,
අරුමැසි පාරාදීසයක්,
නෙතු යුග මැකී ගියද
නුඹ , අප හදවතේ
සදාකාලික වූත්, අමරණීය වූත්
සුන්දරතම වූත්, විශ්වාසයේත්, ස්නේහයේත්,
රනින් සනිටුහන් වන
පුරාවෘත්තයක්ම වනු ඇත!!!!!
💜️ To :- BTS
From :- ARMY 💜️
✨️✨️✨️✨️
Poem by: Sri Lankan BTS ARMY, Chamu
✨️✨️✨️✨️
Whale කෙනෙක් හිටියා
ගොඩක් තනිවුණු 🐳🐳
එයාට ඕන වුණේ එයාගේ
තනිකම මකන්න කෙනෙක්
එයාට ඕන වුණා එයා ගැන
මුළු ලෝකෙටම කියන්න 🙃
එයා හයියෙන් කෑ ගහල ඒ ගැන
කිව්වා 😶😶😶
හැබැයි ඒ හඩ කාටවත් ඇහුනේ නෑ
මොකද එයා Special කෙනෙක්
ඒ Whaleට 🐋 පුළුවන්
ලෝකේ වටේම යන්න
එයාට දහස් ගාණක් අය මුණගැහුනා
ඒත් ඒ කවුරුවත් එයාගේ
කතාව අහන්න නැවතුනේ නැහැ
හැමෝම එයාව තනි කරලා ගියා
ඒත් එක දවසක් එයාට හම්බ වුණා
එයා වගේම Special Angels 7 දෙනෙක් ✨✨
ඒක අහම්බයක්
හැබැයි ඒ Whale හිතුවේ නැහැ
ඒ අහම්බය එයාගේ ජීවිතය
වෙනස් කරයි කියලා ❤️❤️
ඒ Angels 7 දෙනා Whaleගේ
කතාව අහගෙන හිටියා
එයාලගේ කතාවත් කිව්වා
එයාලා හොඳ යාළුවෝ වුණා 🌹🌹
එකට හිනා වුණා සතුටු වුණා
ඇඩුවා දුක බෙදා ගත්තා
ආදරය කලා 🥀🥀🥀
Angels Whaleට ආදරය කරන
තරමටම Whale Angelsට
ආදරය කලා ♥️♥️♥️
එයාලව වෙන් කරන්න
ගොඩක් අය try කලා
හැබැයි බැරි වුණා
මොකද ඒ bond එක
ඒ තරමටම ශක්තිමත් 🌈🌈
අන්තිමට ARMY Whaleට එයාගේ තනිකම මකන්න කෙනෙක්
හම්බ වුණා 😄😄😄😄
මුළු ජීවිත කාලයටම
ඒ වගේම Angelsලට ආදරය කරන්න
ආදරය ලබන්න
කෙනෙක් හම්බ වුණා
💜️ To :- BTS
From :- ARMY 💜️
✨️✨️✨️✨️
Poem by: Sri Lankan BTS ARMY, Charu Yasasvi


OLCB 1st Anniversary