දම්පාට පොරොන්දුව

දම්පාට පොරොන්දුව

??✨️✨️??✨️✨️

මම තනියම ඉදගෙන ඉන්නකොට…
මගෙ මේසෙ උඩ තියෙන පොත් පෑන් අස්සෙන්…
හිත වෙන වෙන තැන් වල දුවනවා…
ඒ තැන් වලට දුවන හිත ආපහු අරගෙන එන්න හරිම අමාරුයි…

අදුරුම අදුරු කාමරයක් ඇතුලේ…
තනිවෙලා මම මාවම හොයපු වාර අනන්තයි…
ඒ ඇතුලෙ මාව පැටලුන වෙලාවට…
මේ ලෝකෙන් අතුරුදහන් වෙන්න හදපු අවස්තා එමටයි…

මට මාවම එපා වුන, මම මටම රිද්දපු, මටම වැරදි කියාගත්තු තැන් ගොඩයි…
කිසිම දෙයක් කියාගන්න බැරුව, කිසිම දෙයක් හිතාගන්න බැරුව…
අසරණ වුන තැන් ගොඩයි…

ඒ හැම හිත් රිදීමක්ම ඇතුලෙ, මම ලස්සනට හිනා වෙන්නේ…
ලස්සනම ලස්සන හිත් හතක් නිසා…
මගේ අදුරු කාමරේ ඒ ලස්සන හිත් නොතිබුනා නම්, මම තවත් අදුරට යනවා…

මම කඩා වැටෙන හැම තැනදිම…
“කෙල්ලේ,ඔයා හරි ශක්තිමත්,ඔයා හරි බුද්ධිමත්” කියලා මට වැටෙන්න නොදී මාව බේරගත්තේ එයාලා…
මම අනුන් වෙනුවෙන් වෙනස් වෙන්න හදද්දි…
මම මට වෙනුවෙන් වෙනස් වෙන්න ඕන කියල කියල දුන්නෙ එයාලා…

මම මම ගැනම සෑහීමකට පත් නොවී පරිපූර්ණ වෙන්න හදපු හැම තැනදිම…
ඔයා පරිපූර්ණ වෙන්න ඕන නෑ ඔයා ඔයාම වෙන්න කියල කියලා දුන්නේ එයාලා…

මටම කියලා අලුත් හීනයක්…
මටම කියලා අලුත් බලාපොරොත්තුවක්…
මැරෙන්න බයේ ජීවත් වුන මට අලුත් ජීවිතයක්…
මේ හැම දෙයක්ම ලබා ගන්න මට මග පෙන්නුවෙ එයාලා…

මටම ආදරේ කරන්න…
මාවම විශ්වාස කරන්න…
හීන දකින්න…
ඒ හීන ඇතුලෙ දිදුලන්න…
ලස්සනම ලස්සනට හිනා වෙන්න පුලුවන් කියලා මට විශ්වාසයක් ඇති කලේ එයාලා…

මට විතරක් සීම නොවුනු තව මිලියන ගනනකගෙ ජීවිත වලට ආලෝකයක් ගෙනාපු…
කවදාවත් කඩ නොවෙන ඒ දම් පාට පොරොන්දුවත් එක්ක…
හැමදාමත් අත් අල්ලන් මාවත වෙනස් වුනත් එකම දිශාවට ගමන් කරන…
හැමදාමත් අපේ ජීවිත වලට ලස්සනම ලස්සන මතක එකතු කරන…
මම විශ්වාස කරන එකම මැජික් එක…
ඒ තමයි දම්පාට පොරොන්දුව…

නිර්මාණය: නිපුනි තත්සරණි

??✨️✨️??✨️✨️