Donations

Sri Lankan BTS ARMY United Against Hunger - bangtan donations

Our Donations and Efforts

BTS 9th Anniversary donation for SOS Children’s village

Click here to see the Donation Certificate

Sri Lankan BTS ARMY United Against Hunger

Project Name: Sri Lankan BTS ARMY United Against Hunger
Initiated on: 01st March 2022
Goal: 50K donations by the 9th Anniversary of BTS (2022-06-13)
Organizer: Ceylon Bangtan | OLCB (One Love Ceylon Bangtan SL ARMY)

Update: Within 10 days of launching this project, we reached 1M and already passed our target of 50K donations. We donated 4,221,650 rice by 13, July 2022.

How to join the Free Rice Game:

Want to help feed someone hungry while playing a game that has educational value?

Through the United Nations World Food Program (WFP)’s free rice program, anyone can help provide food for hungry and distressed children and families worldwide.

It costs no money. Instead, all you have to do is answer the general knowledge questions from a category of your choice. The United Nations World Food Program (WFP) will donate the same rice equal to your total score.

Following BTS members’ footsteps, BTS ARMY has launched several projects to help the innocent and people in need. Those have raised millions of dollars in donations worldwide. This is an excellent opportunity for those who find it challenging to support financing projects to use their knowledge to help.

ඇප් එක source: freerice
How to join this Bangtan Donations project?
  1. Go to the Free Rice website to play this game. You need to register first through the website and join groups. (www.freerice.com)
  2. Go to the Groups page from the menu and enter the code below to join the Sri Lankan BTS ARMY group. Group code: YBZZXPUS
    • i-ARMY group (created by OIAA in 2020): DCCAX2XF
    • Please join both groups so the scores you collect will appear under the Global ARMY group and Sri Lankan BTS ARMY group.
  3. Then go to the Games page and answer the questions. Default questions are based on the English vocabulary. But suppose you like to change the category difficulty level of the game. In that case, go to the menu and make the changes.

    This is an excellent opportunity to help someone while you develop your knowledge!
source: free rice / WFP
How to join Sri Lankan BTS ARMY Group?

Your account will show the amount of rice you have donated based on your score. Also, your score will be counted to the total BTS Sri Lankan ARMY have collected as a whole.
Go to menu > Groups and join the group (YBZZXPUS) before answering the questions.


bangtan donations
code: YBZZXPUS
How do we help by playing a game?

The United Nations World Food Program is the largest humanitarian organization globally. The organization aims to save lives in emergencies and build a better future for people and children starving due to the effects of conflict and climate change.

The United Nations World Food Program (WFP) is also active in Sri Lanka. It has been involved in many projects, such as providing financial assistance for lunch to disadvantaged school children and assisting in self-employment. Freerice is an educational game that promotes donations and awareness.

This game helps to learn languages ​​and increase knowledge in many areas, including mathematics, science, and Geography. As you develop your knowledge, you can now help defeat the hunger.

bangtan donations
Who does donate rice when we play this game and score?

Private-sector sponsors raise money to help hungry and low-income families worldwide collect 10 grains of rice for each question you answer correctly. This means that sponsors of the Freerice program worldwide will donate as much money as they earn to the World Food Program, and the World Food Program distributes these funds to those in need.

“Sri Lankan BTS ARMY United Against Hunger” project was launched to celebrate the upcoming BTS Debut anniversary. Let us join hands to do something good as we develop our knowledge.

Project Name: Sri Lankan BTS ARMY United Against Hunger
Initiated on: 01st March 2022
Goal: 50K donations by the 9th Anniversary of BTS (2022-06-13)
Organizer: Ceylon Bangtan | OLCB (One Love Ceylon Bangtan SL ARMY)

Update: Within 10 days of launching this project, we reached 1M and already passed our target of 50K donations. We donated 4,221,650 rice by 13, July 2022

Updates of this Ceylon bangtan donations project are posted on the @ceylonbangtan Instagram account.

? Share your achievements screenshots via Instagram/ Twitter by tagging @ceylonbangtan in your IG Stories/posts/tweets & use tags #ZEROHUNGER #ceylonbangtan

Happy Learning & Donating!

Sri Lankan BTS ARMY United Against Hunger bangtan donations
bangtan donations
1M gift was a complimentary gift arranged by the Ceylon Bangtan admin and not affiliated with the free rice program.

ගෝලීය ගැටළුවක් වූ කුසගින්නට එරෙහිව එකට එක් වන ශ්‍රී ලාංකික BTS ARMY


ආරම්භය: 2022 මාර්තු 01
අරමුණ: BTS 9 වන සංවත්සරය වෙනුවෙන් හාල් 50000 ක් පරිත්‍යාග කිරීම (2022-06-13)
Project by: OLCB (One Love Ceylon Bangtan SL ARMY)

දින දහයක් වැනි කෙටි කාලයක් තුල අපේක්ෂා කල 50000 ප්‍රමාණය ඉක්මවා හාල් ඇට මිලියනයක් පරිත්‍යාග කිරීමට අපිට හැකියාවක් ලැබුණා. 2022 ජූනි 13 වන දින වන විට හාල් 4,221,650 ක් පරිත්‍යාග කිරීමට අපට හැකියාව ලැබුණා.

Free Rice ගේම් එකට සම්බන්ධ වන ආකාරය:

අධ්‍යාපනික වටිනාකමක් තියෙන ගේම් එකක් සෙල්ලම් කරන ගමන් බඩගින්නේ ඉන්න කෙනෙක්ට ආහාර වේලක් දෙන්න උදව් කරන්න කැමති ද?

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන මගින් දියත් කල freerice වැඩසටහන හරහා ඕනෑම කෙනෙක්ට ලෝකය පුරා කුසගින්නේ සිටින දරුවන් වෙනුවෙන් වගේම විපතට පත් වෙනත් අයට ආහාර ලබාදීමට සහයෝගය දක්වන්න පුළුවන්.

ඒ සඳහා කිසිදු මුදලක් වැය වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔයාට කරන්න තියෙන්නේ කැමති මාතෘකාවක් යටතේ අසන සාමාන්‍ය දැනුම ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම පමණයි. සෑම නිවැරදි පිළිතුරකට ඔයා ලබා ගන්න ලකුණු වලට සමාන සහල් ප්‍රමාණයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් ආධාර වශයෙන් ලබා දෙනු ඇති.

BTS සාමාජිකයින්ගේ අඩිපාරේ යමින් අසරණ, උදව් අවශ්‍ය අයට පිහිට වීමට BTS ARMY නොයෙකුත් ව්‍යාපෘති දියත් කරන අතර මුදලින් මිලියන ගණනක ආධාර රැස් කර ලොව පුරා බෙදා හැරීමට කටයුතු කර තිබෙනවා. මුදල් ආධාර කරන ව්‍යාපෘති වලට සහයෝගය දැක්වීමට අපහසු අයට තමන්ගේ දැනුම උපයෝගී කරගෙන ආධාරයක් සිදු කිරීමට මෙය මහඟු අවස්ථාවක්.

ඇප් එක source: freerice
කොහොමද මේ වැඩේට එකතු වෙන්නේ?

  1. මේ ගේම් එක සෙල්ලම් කරන්න Freerice වෙබ් අඩවිය හරහා රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙලා, කණ්ඩායමට එකතු වෙලා ගේම් එක සෙල්ලම් කරන්න www.freerice.com)
  2. මෙනු එකෙන් Groups පිටුවට ගිහින් BTS Sri Lankan ARMY කණ්ඩායමට එකතු වෙන්න මේ කෝඩ් එක ඇතුලත් කරන්න. Group code: YBZZXPUS
    • ප්‍රධාන i-ARMY group එකේ code එක (මේක OIAA එකෙන් 2020 දී හදපු එකක්.) : DCCAX2XF
    • ඒකටයි, අපේ ලංකාවේ එකටයි දෙකටම එකතු වෙන්න. ඔයා ගන්න ලකුණු ගෘප් දෙකේම එකතුවට එකතු වේවි
  3. ඊලඟට Games පිටුවට ගිහින් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. මේ ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ වචන දැනුම ආශ්‍රයෙන්. වෙනත් අංශයකින් පිළිතුරු සැපයීමට කැමති නම් Categories වලට ගිහින් කැමති එකක් තෝරා ගන්න පුළුවන්.

    දැනුම වර්ධනය කර ගන්න ගමන් කෙනෙක්ට උදව් කරන්නත් මේක හොඳ අවස්ථාවක්!
source: freerice / WFP
BTS Sri Lankan ARMY ගෘප් එකට එකතු වෙන්නේ කොහොමද?

නිවැරදි පිළිතුරු වලට ලබා ගන්නා ලකුණු ප්‍රමාණය අනුව ඔබ දන් දෙන හාල් ප්‍රමාණය ඔබේ ගිණුමේ පෙන්වනවා. ඒ වගේම අපි BTS Sri Lankan ARMY කණ්ඩායම වශයෙන් හැමෝම දන් දුන් මුළු හාල් ප්‍රමාණය කණ්ඩායමට අයත් පිටුවේ පෙන්වනවා. ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට කලින් menu > groups හරහා ගොස් YBZZXPUS කෝඩ් එකෙන් ගෘප් එකට එකතු වීමට අමතක කරන්න එපා.


YBZZXPUS කෝඩ් එක හරහා ගෘප් එකට එකතු වීමට අමතක කරන්න එපා.
ගේම් එකක් සෙල්ලම් කරලා අපි කොහොමද උදව් කරන්නේ?

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන කියන්නේ ලෝකයේ තියෙන විශාලතම මානුෂීය සංවිධානයයි. හදිසි අවස්ථා වලදී ජීවිත බේරා ගැනීම සහ ගැටුම් සහ දේශගුණික විපර්යාසවල බලපෑම හේතුවෙන් කුසගින්නෙන් පෙළෙන පුද්ගලයින්ට සහ දරුවන්ට වඩා හොඳ අනාගතයක් ගොඩනැගීම ඒ සංවිධානයේ අභිලාෂයයි.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකාවේත් ක්‍රියාත්මක වන අතර දුෂ්කර පාසල් වල දරුවන්ට දිවා ආහාරය සඳහා මුල්‍ය ආධාර සැපයීම, ස්වයං රැකියා සඳහා සහයෝගය සැපයීම වැනි ව්‍යාපෘති බොහෝමයක් ශ්‍රී ලංකාවේ සිදු කරනවා.

ඒ ආයතනය මගින් ක්‍රියාත්මක වන Freerice ක්‍රීඩාව බුද්ධිය වර්ධනය කිරීමට උපකාරී වන ක්‍රීඩාවක්.

භාෂාවන් ඉගෙන ගන්න, ගණිතය, විද්‍යාව සහ භුගෝලය වැනි විෂයන් වල දැනුම වැඩි කර ගන්න මේ ක්‍රීඩාව උපකාරී වෙනවා. ඹයාගේ දැනුම වැඩි කරගන්න ගමන් තවත් කෙනෙක්ගේ කුසගින්න නිවන්නත් මේ ක්‍රීඩාව නිසා දැන් ඔයාට පුළුවන්.

කවුද ‌අපි ගන්න ලකුණු වලට ගැලපෙන්න ආහාර පරිත්‍යාග කරන්නේ?

ඔයා නිවැරදිව පිළිතුරු දෙන සෑම ප්‍රශ්නයකටම සහල් ඇට 10ක් බැගින් රැස්කර ලොව පුරා කුසගින්නේ පෙළෙන සහ අඩු ආදායම්ලාභී පවුල් වලට උදව් කරන්න මුදල් ලබා දෙන්නේ පෞද්ගලික අංශයේ අනුග්‍රාහකයන්. ඒ කියන්නේ ඔයා එකතු කරන ලකුණු ගාණට ගැලපෙන මුදල් ප්‍රමාණයක් ලොව පුරා සිටින Freerice වැඩසටහනේ අනුග්‍රාහකයන් විසින් ලෝක ආහාර වැඩසටහනට පරිත්‍යාග කරනවා. ලෝක ආහාර වැඩසටහන විසින් ඒ අරමුදල් උදව් වැඩියෙන්ම අවශ්‍ය අය වෙනුවෙන් ‌බෙදා දෙනවා.

එළඹෙන 9 වන BTS උපන් දිනය වෙනුවෙන් දියත් කල මේ Sri Lankan BTS ARMY United Against Hunger ව්‍යාපෘතියට ඔයාගේ යාළුවන්වත් එකතු කර ගන්න කැමති නම් මේ වෙබ් පිටුවේ ලින්ක් එක බෙදාහරින්න. අපේ දැනුම වර්ධනය කර ගන්න ගමන් යහපත් දෙයක් කරන්න අත්වැල් බැඳ ගමු.

Project Name: Sri Lankan BTS ARMY United Against Hunger
Initiated on: 01st March, 2022
Goal: 50K Rice Bowls by the 9th Anniversary of BTS (2022-06-13)
Project by: OLCB (One Love Ceylon Bangtan SL ARMY)

දින දහයක් වැනි කෙටි කාලයක් තුල අපේක්ෂා කල 50000 ප්‍රමාණය ඉක්මවා හාල් ඇට මිලියනයක් පරිත්‍යාග කිරීමට අපිට හැකියාවක් ලැබුණා. 2022 ජූනි 13 වන දින වන විට හාල් 4,221,650 ක් පරිත්‍යාග කිරීමට අපට හැකියාව ලැබුණා.

දිනපතා මේ ව්‍යාපෘතියේ විස්තර @ceylonbangtan Instagram ගිණුම හරහා පළ කරනවා.

? Share your achivements screenshots via instagram/ Twitter by mentioning @ceylonbangtan in your IG Stories & tag #ZEROHUNGER #ceylonbangtan

Happy Learning & Donating!

Sri Lankan BTS ARMY United Against Hunger

Clear Global / Translators Without Borders is the world’s largest community of humanitarian linguists.