දෛවය කියන්නේ හරිම පුදුමාකාර දෙයක්… කෙනෙක්ගේ ජීවිතයේ නොසිතූ පැති වලට හරවන්න, ජීවිතය උඩු යටිකුරු කරන්න දෛවයට පුළුවන්… BTS V – කිම් ටේහියුන්ග් සුපිරි තරුවක් බවට පත් වෙන්නෙත් දෛවයේ ඍජු බලපෑම නිසයි.
සුපිරි තරුවක් වීමේ හීනයක් නොතිබුණත් සංගීතයට දැඩි ආදරයක් දැක් වූ, වෘත්තීය සංගීත ශිල්පියෙක් වීමේ හීන දැකපු ටේහියුන්ග් ට මිලියන ගණනක් හදවත් සුවපත් කරන්න මඟ සලසන්න, ඔහුගේ ජීවිතය සම්පූර්ණ කරන තවත් ආදරණීය හිත් හයක් මුණ ගස්වන්න, දෛවය තීරණය කරන්න ඇති.
යාළුවෙක් ට කුසලතා පරීක්ෂණයකට යන්න අවශ්‍ය වුණාම එයත් එක්ක තනියට ගිහින් යාළුවා පරීක්ෂණය ඉවර කරනකම්
ඔහේ ඇවිද ඇවිද හිටපු ටේහියුන්ග් ව ඒ කුසලතා පරීක්ෂණය මෙහෙයවන්නෙක්ගේ ඇස ගැටෙන්නේ දෛවයේ මැදිහත් වීම නිසා වෙන්න ඇති.
කුසලතා පරීක්ෂණයට ඇවිත් ඉන්න සිය ගණනක් තරඟකරුවන් අතරේ පැත්තක හිටපු පුංචි කොල්ලෙක් ට ඒ පරීක්ෂණයට සහභාගී වෙන්න කියලා ආරාධනා කරන්න ඒ පුද්ගලයාට හිතෙන්න ඇත්තේ ඒ පුංචි කොල්ලාගේ වාසනාවටම වෙන්න ඇති.
පරීක්ෂණයට මුහුණ දෙන්න කිසිම බලාපොරොත්තුවක් හෝ පෙර සූදානමක් නොතිබුණත්, ඒ වෙලාවෙම දෙමව්පියන්ගෙන් අවසර අරගෙන පරීක්ෂණයට මුහුණ දෙන පුංචි ටේහියුන්ග් අවසානයේ ඒ පලාතෙන් සුදුසුකම් ලබන එකම කෙනා බවට පත් වෙන්නේ සහජ දක්ෂතාවය නිසයි.
ඒ විදිහට BTS කණ්ඩායමේ සාමාජිකයෙක් බවට පත් වෙන කිම් ටේහියුන්ග් තමන්ගේ වේදිකා නාමය විදිහට තෝරා ගන්නේ
Victory (ජයග්‍රහණය) කියන වචනේ මුල් අකුර V.
කණ්ඩායමේ සාමාජිකයින් අතරින් ගැඔුරු husky (බැරූඬ්/ පහත් සහ ගොරෝසු) කටහඬක් හිමි එකම ගායකයා වූ ටේහියුන්ග් ව,
කණ්ඩායමේ සාමාජිකයෙක් බව ප්‍රසිද්ධ නොකර තරඟකාරී ආයතන වලින් වසන් කර, Debut වන තෙක් රහසක් ව තබා ගැනීමට Bighit ආයතනය කටයුතු කරන්නේ husky කටහඬක් හිමි ගායකයෙක් ගේ වටිනාකම නිසයි. ඒ නිසයි ටේහියුන්ග්, BTS කණ්ඩායමේ රහස් ආයුධය ලෙසින් හඳුන්වන්නේ…
වෘත්තීය ජීවිතය සහ ජයග්‍රහණ
කිම් ටේහියුන්ග් BTS කණ්ඩායමේ ගායකයෙක්, නැටුම් ශිල්පියෙක් වගේම සංගීත රචකයෙක් සහ සංගීත නිෂ්පාදකවරයෙක්…
BTS කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙසින් ලබාගත් නොයෙකුත් සංගීතමය ජයග්‍රහණ වලට අමතරව, දකුණු කොරියානු රජයෙන් රටේ ජාතික සහ සංස්කෘතික සංවර්ධනයට විශිෂ්ට මෙහෙවරක් කල කොරියානු ජාතිකයින්ට ලබා දෙන හ්වාග්වාන් සංස්කෘතික කුසලතා අස්න ද ඔහුට හිමියි.
හරන්ග් ටෙලි නාට්‍යය හරහා මුල් වරට රඟපෑමට යොමු වූ ටේහියුන්ග් 2018 වසරේ දී ඒ රඟපෑම වෙනුවෙන් Best Idol Actor සම්මානය දිනා ගත්තා.
Itaewon Class සහ හරන්ග් නාට්‍ය සඳහා ඔහු ගායනා කළ ගීත දෙකම හොඳම තේමා ගීත සඳහා සම්මාන දිනා ගත්තා.
උපතින් ම උරුම වූ පෙනුම නිසා ලෝකයේ කඩවසම් තරුණයින් තොරා ගන්නා තරඟ වල මුල් තැන ගන්නා ටේහියුන්ග්ගේ මුහුණ කෘතීම ශල්‍ය කර්ම හරහා නැවත නිර්මාණය කිරීමට අපහසු, සර්ව සම්පූර්ණ ගණයේ මුහුණක් ලෙසින් ප්‍රසිද්ධයි.
අධ්‍යාපනය
2014 වසරේ කොරියානු කලා උසස් පාසලෙන් මූලික උසස් අධ්‍යාපනය අවසන් කරන ටේහියුන්ග් Broadcasting and Entertainment උපාධිය ලබා ගන්නේ ගෝලීය සයිබර් විශ්ව විද්‍යාලයෙන්. ඉන්පසු 2021 දී, Master of Business Administration in Advertising and Media උපාධිය සඳහා හන්යන්ග් විශ්ව විද්‍යාලයට ඇතුලත් වුණා.
වෙනත් හැකියාවන්
චිත්‍ර ශිල්පයට සහ ඡායාරූපකරණයට දක්ෂ ටේහියුන්ග් ඒ කලා නිර්මාණ සඳහා යොදා ගන්නේ Vante යන අන්වර්ථ නාමයයි.
සුප්‍රසිද්ධ කලාකරුවෙක් වන Ante Badzim ගේ නම සහ V එකතු කර Vante නම නිර්මාණය කර තිබෙනවා. එමෙන්ම කුඩා කල සිටම ඔහු සැක්සෆෝනය වාදනය කරන අතර මව් බස හැරුණු විට ජපන් භාෂාව ද චතුර ලෙස හැසිරවිය හැකියි. මේ වන විට ඔහු ඉංග්‍රීසි භාෂාවත් ඉතා හොඳින් හසුරවනවා.
මිලියන ගණනක් රසිකයින්ගේ ආදරය දිනාගත් සුපිරි තරුවක් බවට පත් වීමට උපතින් ම වාසනාව සහ සහජ හැකියාවන් රැසක් හිමි වුණු කිම් ටේහියුන්ග් ට දෛවය දොරගුළු විවෘත කළා. ඒ අවස්ථාව මඟ නොහැර දැඩි කැපවීමකින් සහ මහන්සියකින්
කටයුතු කළ නිසා අධ්‍යාපනයේ දී වගේම වෘත්තීය ජීවිතයෙත් විවිධ අංශ වලින් සාර්ථක වූ ටේහියුන්ග් දැනටමත් තම සාමාජිකයින් සමඟ සාර්ථකත්වයේ හිණිපෙත්තටම ගොස් අවසානයි.
ජීවිතයේ අපට ලැබෙන බොහෝ අවස්ථාවන් මඟ නොහැර ඒවායින් උපරිම ප්‍රයෝජන ගනිමින්, වාසනාවට, දෛවයටම සියළු දේ භාර නොදී තමන්ට හැකි උපරිම කැපවීමෙන්, මහන්සියෙන් කටයුතු කරනවා නම් බොහෝ හීන හැබෑ කර ගත හැකි බව
ටේහියුන්ග් ගේ චරිතයෙන් ගත හැකි බොහෝ ආදර්ශ අතරින් එකක්…