BTS

BTS – 방탄소년단

පුංචි තැනකින් පටන් අරන් ලෝකප්‍රසිද්ධ සම්මානනීය සුපිරි තරු බවට අද පත්වී සිටින BTS සංගීත කණ්ඩායම ඒ තැනට යන්නේ සහජ දක්ෂතාවය, අප්‍රතිහත ධෛර්යය, කණ්ඩායමේ එකමුතුභාවය, කැපවීම මෙන්ම  නිරහංකාරත්වය හා සභ්‍යත්වය වැනි බොහෝ ගුණාංග නිසයි. ඔවුන්ගෙන් අපිට ලබා ගන්න බොහෝ ආදර්ශ තිබෙනවා.

BTS අද ගෝලීය සංගීත කර්මාන්තයේ අති සාර්ථකව වැජඹෙන, සංගීත ක්ෂේත්‍රයේ ආසියානු සංගීත කණ්ඩායමක් ලබා ගෙන ඇති ඉහළම සම්මාන සහ වාර්තා වලට හිමිකම් කියන BTS සංගීත කණ්ඩායමේ විශේෂත්වය, ආදරය සහ විරහව නම් වූ රාමුවකට කොටු නොවූ තාරුණ්‍යයට සහ සමාජයට වැදගත් කාලීන ගැටළු වලට ඔවුන්ගේ ගීත හරහා ආමන්ත්‍රණය කිරීමයි. BTS ගීත වල පමණක් නොව සාමාජිකයන්ගේ චරිත වලින් ද, අප්‍රතිහත ධෛර්යය, එකමුතුව, කැපවීම, නිරහංකාරත්වය හා සභ්‍යත්වය වැනි ජීවිතයට එකතු කර ගන්න පුළුවන් බොහෝ ගුණාංග, ආදර්ශ තිබෙනවා.

දක්ෂතා සහ විදහා දක්වන BTS, ගෝලීය සංගීත කර්මාන්තයේ අති සාර්ථකව වැජඹෙන සංගීත කණ්ඩායමක් වුයේ ඔවුන්ගේ සුවිශේෂී හැකියාවන් හා කන්කළු සංගීතය, සමාජයට සහ වර්තමානයට ගැලපෙන වෙනස් තේමා යටතේ ගීත නිර්මාණය මෙන්ම තමන්ගේ රසිකයන් නිතර අගය කිරීම, කණ්ඩායමේ සාමාජියන් අතර තිබෙන අපූරූ සහෝදරත්වය සහ මිතුරුකම වගේම නොවෙනස් නිහතමානී භාවය වැනි කරුණු ඔවුන්ගේ දියුණුවේ රහසයි. එමෙන්ම BTS කණ්ඩායමේ සාර්ථකත්වය පිටුපස තිබෙන ශක්තිය ඔවුන්ගේ රසිකයින් වන BTS ARMY ලෝකයේ දැනට තිබෙන විශාලතම රසික කණ්ඩායමයි.

BTS කණ්ඩායම තම ගීත හරහා බොහෝ විට සමාජයේ තිබෙන ගැටළු හා අසාධාරණයන්ට එරෙහිව වටිනා පණිවිඩ ලබාදෙනවා. ඒ වගේම ඔවුන්ගේ ගීත ධනාත්මක අදහස්, සමාජයට වැදගත් පණිවිඩ සහ මානසික සතුට/ සෞඛ්‍යය මෙන්ම ඉතිහාසය, මනෝ විද්‍යාව, කලාව, වැනි අංශ වල ගැඹුරු සහ ඉගෙන ගත යුතු වැදගත් අදහස් වලින් සමන්විතයි.

එක රැයකින් තරු බවට පත් වූ සංගීත කණ්ඩායමක් නොවන, වසර ගණනාවක් තිස්සේ වෙහෙස මහන්සි වී තම හැකියාවන් වර්ධනය කර ගත්, පුංචි තැනකින් ආරම්භ වී නොයෙක් බාධක ගැටළු වලට මුහුණ දෙමින් ඉදිරියට ආ තරුණයින් හත් දෙනෙක්.

BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයින් එකතු වුණ හැටි

RM

කොරියාවේ බංකොලොත් වීමට ආසන්න වී තිබුණු කුඩා ගායක කළමනාකරණ ආයතනයක් වන BigHit හි හිමිකරු සහ සංගීත නිෂ්පාදකයෙක් වෙන Bang Si-hyuk ට පද රචනයට හා රැප් ගායනයට දක්ෂ මෙන්ම කොරියාවේ සරසවි පිවිසුම් විභාගයෙන් ඉහළම 1% අතරට තේරුණු, බුද්ධි එල ලකුණු (IQ) 148 ක් සහිත කිම් නම්-ජූන් ගේ (Kim Nam-joon) ව මුණ ගැහෙනවා.

උපන් නම: 김남준 (කිම් නම්-ජූන් / Kim Nam-joon)
වේදිකා නාමය: RM (පෙර: Rap Monster)
කණ්ඩායමේ තනතුර: Leader (කණ්ඩායමේ නායක), Main Rapper (ප්‍රධාන රැප් ගායක)
උපන් දිනය: 1994 සැප්තැම්බර් 12
උපන් ප්‍රදේශය: Yeoui-dong, Seoul, South Korea

මේ දරුවාගේ දක්ෂතා දැකපු Bang Si-hyuk 2009-10 වසරේදී අලුත් අදහසක් අනුව සංගීත කණ්ඩායමක් නිර්මාණය කිරීමට කොරියාව පුරා දක්ෂතා ඇති දරුවන් සොයා Hit It නම් වූ කුසලතා පරීක්ෂණයක් පවත්වනවා. BTS සඳහා අඩිතාලම වැටෙන්නේ එහෙම.

ඒ කුසලතා පරීක්ෂණයෙන් සමත් වූ දරුවන් idol පුහුණුව ලබා දෙන BigHit ආයතනය අවසන් වශයෙන් තවත් සාමාජිකයින් 6 දෙනෙක් තෝරා ගත්තා.

SUGA

පාසල් කාලයේ සිටම සංගීත රචනයට සහ නිෂ්පාදනයට දක්ෂතා දැක්වූ GLOSS නමින් රැප් ගායනා කල මින් යූන්-ගි (SUGA) කුසලතා පරීක්ෂණයකින් පස්සේ සංගීත නිෂ්පාදක පුහුණු තනතුරක් සඳහා Big Hit Entertainment (බිග්හිට් එන්ටර්ටේන්මන්ට්) ආයතනයට බැඳෙනවා. යූන්-ගි ගේ දක්ෂතා දැකපු Bang Si-hyuk ඔහුව RM සමඟ රැප් ගායකයෙක් විදිහට පුහුණු වීමට යොමු කරනවා.

උපන් නම: 민윤기 (මින් යූන්ගි/ Min Yoon-gi)
වේදිකා නාමය: SUGA
කණ්ඩායමේ තනතුර: Main Rapper (ප්‍රධාන රැප් ගායක)
උපන් දිනය: මාර්තු 9, 1993
උපන් ප්‍රදේශය: Taejeon-dong, Daegu, South Korea

j-hope

හෝසොක් Big Hit Entertainment (බිග්හිට් එන්ටර්ටේන්මන්ට්) කුසලතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ නැටුම් අංශයෙන්. උපන් පළාතේ නැටුම් කණ්ඩායමක සාමාජිකයෙක් වුන හෝසොක් ට රැප් ගායන හැකියාවක් තිබෙන බව හඳුනාගත් Bang Si-hyuk ඔහුව රැප් ගායකයෙක් විදිහට පුහුණුවට බඳවා ගන්නවා.

උපන් නම: 정호석 (Jung Ho-seok – ජොං හෝසොක්)
වේදිකා නාමය: j-hope
කණ්ඩායමේ තනතුර:
Main Dancer (ප්‍රධාන නර්තන ශිල්පියා)
Dance Leader (නැටුම් නායකයා),
Lead Rapper (පෙරටු රැප් ගායකයා),
Sub Vocalist (උප ගායකයා)
උපන් දිනය: 1994 පෙබරවාරි 18
උපන් ප්‍රදේශය: Ilgok-dong, Gwangju, South Korea

Jungkook

ජන්ග් කුක් බුසාන් පළාතේ Superstar K සුපිරි තරු වැඩසටහනට සහභාගී වුනත් සුදුසුකම් ලබන්නේ නැහැ. ඒත් ඒ වැඩසටහනේදී ඔහුගේ හැකියාව දුටු කුසලතා කළමනාකරණ ආයතන 7 ක්ම කුඩා ජන්කුක් ට තමන්ගේ ආයතනයට බැඳෙන්න ආරාධනා කරනවා. අනිත් සියලුම ආයතන ප්‍රසිද්ධ දියුණු ආයතන වුනත් කිම් නම්ජූන් (RM) ගේ දක්ෂතා දැකලා පැහැදුණු අවු. 13 ක පුංචි ජන්ග් කුක්, ගායකයෙක් විදිහට Big Hit Entertainment (බිග්හිට් එන්ටර්ටේන්මන්ට්) හි පුහුණුවට බැඳෙනවා.

උපන් නම: 전정국 (Jeon Jung-kook – ජියොන් ජංකුක්) **
වේදිකා නාමය: Jung kook (ජන්ග් කුක්) / JK
කණ්ඩායමේ තනතුරු:
Main Vocalist (ප්‍රධාන ගායකයා),
Sub Rapper (උප රැප් ගායකයා),
Lead Dancer (පෙරටු නර්තන ශිල්පියා),
Center (කණ්ඩායමේ කේන්ද්‍ර ලක්ෂය)
උපන් දිනය: සැප්තැම්බර් 1, 1997
උපන් ප්‍රදේශය: Mandeok-dong, Busan, South Korea

V

කිම් ටේහ්යොං Big Hit Entertainment (බිග්හිට් එන්ටර්ටේන්මන්ට්) කුසලතා පරීක්ෂණයට යන්නේ අහම්බෙන්. ඒ එයාගේ යාළුවගේ තනියට. යාළුවා කුසලතා පරීක්ෂණය ඉවර කරනකම් ඇවිද ඇවිද හිටපු කිම් ටේහ්යොං දැකපු Big Hit Entertainment (බිග්හිට් එන්ටර්ටේන්මන්ට්) සේවකයෙක් එයාට ආරාධනා කරනවා පරීක්ෂණයට සම්බන්ධ වෙන්න. අවසානයේ ඒ පළාතෙන් සමත් වෙන්නේ කිසිම සූදානමක් නැතුව පරීක්ෂණයට ඉදිරිපත් වූ මේ කිම් ටේහ්යොං. ඔහුවත් ගායකයෙක් විදිහට Big Hit Entertainment (බිග්හිට් එන්ටර්ටේන්මන්ට්) හි පුහුණුවට බඳවා ගන්නවා.

උපන් නම: 김태형 (කිම් ටේහ්යොං / Kim Tae-hyung)
වේදිකා නාමය: V
කණ්ඩායමේ තනතුර:
Sub Vocalist (උප ගායකයා),
Lead Dancer (පෙරටු නර්තන ශිල්පියා)
උපන් දිනය: 1995 දෙසැම්බර් 30
උපන් ප්‍රදේශය: Bisan Dong, Daegu, South Korea

Jin

රඟපෑමට සම්බන්ධ උපාධියක් හදාරමින් සිටි කිම් සොක්ජින් Big Hit Entertainment (බිග්හිට් එන්ටර්ටේන්මන්ට්) කුසලතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ රංගන අංශයෙන්. නළුවෙක් වෙන්න අසාවෙන් හිටිය ජින්ගේ කටහඬ ගායනයට හොඳින් ගැලපෙන බව දුටු Bang Si-hyuk ඔහුව ගායකයෙක් විදිහට පුහුණුවට බඳවා ගන්නවා. 

උපන් නම: 김석진 (කිම් සොක්ජින් / Kim Seok-jin)
වේදිකා නාමය: Jin
කණ්ඩායමේ තනතුර:
Sub Vocalist (උප ගායකයා),
Visual (කණ්ඩායමේ ප්‍රධාන පෙනුම)
උපන් දිනය: දෙසැම්බර් 4, 1992
උපන් ප්‍රදේශය: Gwacheon, Gyeonggi, South Korea

Jimin

පාර්ක් ජිමින් පාසලේ ඉගෙනුම් කටයුතු වලට මෙන්ම නැටුම් වලටත් ඉහල දක්ෂකම් පෙන්වූ නිසා ගුරුවරයෙක් ඔහුව Big Hit Entertainment (බිග්හිට් එන්ටර්ටේන්මන්ට්) කුසලතා පරීක්ෂණයට යොමු කරනවා. බුසාන් පළාතෙන් අවසන් වටයට තේරෙන ජිමින් නැටුම් වලට පමණක් නොවෙයි ගායනයටත් හොඳින් ගැලපෙන බව දුටු Bang Si-hyuk ඔහුව ගායකයෙක් විදිහට පුහුණුවට බඳවා ගන්නවා.

උපන් නම: 박지민 (පාර්ක් ජිමින් / Park Ji-min)
වේදිකා නාමය: Jimin
කණ්ඩායමේ තනතුර:
Lead Vocalist (පෙරටු ගායකයා)
Main Dancer (ප්‍රධාන නර්තන ශිල්පියා)
උපන් දිනය: ඔක්තෝබර් 13, 1995
උපන් ප්‍රදේශය: Hoedong-dong, Busan, South Korea

2010 පුහුණුවීම් ආරම්භ කිරීමෙන් පස්සේ නිර්මාණය කල අළුත් සංගීත කණ්ඩායම RM ගේ නායකත්වයෙන් සාමාජිකයින් 7 දෙනෙක් සහිතව Bangtan Sonyeondan යන නමින් හඳුන්වන බව 2013 වසරේ Big Hit Entertainment (බිග්හිට් එන්ටර්ටේන්මන්ට්) නිවේදනය කරනවා. 2013 ජූනි 13 වන දින මංගල දර්ශනය පැවැත්වුණේ Mcountdown වේදිකාවේ.

BTS නමේ තේරුම් 2 ක් තියෙනවා

Bangtan Sonyeondan

방탄소년단Bangtan Sonyeondan – “Bulletproof Boy Scouts”
“to block out stereotypes, criticisms, and expectations that aim on adolescents like bullets”
“වෙඩි උණ්ඩ වගේ් නව යොවුන් වියේ දරුවන් ඉලක්ක කරගන්නා ඒකාකෘති, විවේචන සහ වැරදි අපේක්ෂාවන් අවහිර කිරීමට“

Beyond the Scene

BTS – “Beyond the Scene” (2017 සිට)
“growing youth Beyond The Scene who is going beyond the realities they are facing, and going forward.”
“මුහුණ දීමට සිදුවන යථාර්ථයන්ගෙන් ඔබ්බට හා තවත් ඉදිරියට යමින් වර්ධනය වන තරුණ විය.“

ඔවුන්ගේ එක රැයකින් තරු බවට පත් වූ සංගීත කණ්ඩායමක් නෙමෙයි. කණ්ඩායමේ ආරම්ක අවධියේ මූල්‍යමය වශයෙන් විවිධ අපහසුතා වලට මුහුණ දීමට මෙන්ම නොයෙක් බාධා කැපිලි කෙටිලි වලටත් ඔවුන්ට මුහුණ දීමට සිදු වුණා.

කණ්ඩායමේ ආරම්ක අවධිය

පාසලේ ඉගෙනුම් කටයුතු අතරේ දිනපතා පුහුණුවීම් කරමින් තමන්ගේ සංගීත කණ්ඩායමේ සාර්ථකත්වය වෙනුවෙන් ඔවුන් මහන්සි වෙනවා. ඔවුන් වසර ගණනාවක් වෙහෙස මහන්සි වී තම හැකියාවන් වර්ධනය කර ගත් නමුත්, Big Hit ආයතනය කොරියාවේ වෙනත් කුසලතා කළමණාකරණ ආයතන වලට සාපේක්ෂව අලාභ ලැබූ කුඩා ආයතනයක් නිසා ඔවුන්ට නොයෙක් බාධක ගැටළු රැසකට මෙන්ම දැඩි තරඟයකට මුහුණ දීමට සිදු වුණා. රූපවාහිනි ආයතන වලින් සහ පුවත්පත් වලින් ඔවුන්ට එතරම් සහයෝගයක් ලැබුනේ නැහැ.

කණ්ඩායමේ වැඩිමල් සාමාජිකයන් පුහුණුවීම් අතරේ සුළු රැකියා වල පවා නිරත වුණා. මේ කාලේ SUGA භාණ්ඩ බෙදන්නෙක් (delivery boy) හැටියට රැකියාව කරමින් ඉන්න අතරේ අනතුරකට පවා මුහුණ දුන්නා. ඉන් අනතුරුව වේදිකාවේ දක්ෂ ලෙස නර්ථන ඉදිරිපත් කලත් 2020 වර්ෂයේ සැත්කමකට භාජනය වන ‌තෙක්ම ඔහු උරහිස වේදනාවකින් පීඩා විඳිනු ලැබුවා.

ඔවුන්ගේ මුල්ම ඉදිරිපත් කිරීමටත් ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ ඒ දවසේ ඉදිරිපත් කිරීමකට තෝරා ගෙන සිටි කණ්ඩායමට ඒ සඳහා පැමිණීමට නොහැකි වීමෙන් ලද අහඔු අවස්ථාවක් නිසයි. වෙනත් ආයතන විශාල වශයෙන් මුදල් වියදම් කරමින් තමන්ගේ කලාකරුවන් ජනතාවට හඳුන්වා දීමට ප්‍රචාරණ කටයුතු සිදු කලත් BIG HIT ආයතනයට එය අසීරු වුණා. ඒ නිසා You TUBE වැනි සමාජ ජාල හරහා රසිකයින් සමඟ තමන්ගෙ තොරතුරු හුවමාරු කරගැනීමටත් සංගීතය බෙදා ගැනීමටත් BTS කටයුතු කළා.

“BTS is more than just a boyband, they are activists creating fast and big change in the world.“
BTS කණ්ඩායම සංගීත කණ්ඩායමකට පමණක්ම සීමා නොවූ ලෝකයට යහපත් වෙනසක් කල හැකි තරුණ නායකයින් පිරිසක්!

Globe
BTS රසික සංසඳය : BTS ARMY

BTS කණ්ඩායම වටා කොරියාවෙන් එපිට වෙනත් රට වල රසිකයින් ද විශාල වශයෙන් එක් වීමත්, පසු කාලයක ලෝකයේ ඉහලම වෙළඳ සන්නාමයක් බවට පත් වීමටත්, ඔවුන්ගේ සමාජ ජාල හරහා වේදිකාවෙන් පිටුපස ඔවුන්ගේ එදිනෙදා සැබෑ ජිවිතය හා සිද්ධීන් රසිකයන් සමඟ බෙදාහදා ගැනීම හේතුවක් වුණා. ඔවුන්ට කණ්ඩායමේ නම සහ සංගීතය ලෝකය පුරා පැතිර වීමට මුදල් ගෙවා අලෙවිකරණ කටයුතු සිදු කිරීමෙන් ලබාගත හැකි වන සාර්ථකත්වයට වඩා ඉහළ සාර්ථකත්වයක් රසිකයන්ගෙන් (ARMY) සහයෝගය නිසා ලැබුණා.

BTS රසික සංසඳය හඳුන්වන නම තමයි, A.R.M.Y

BTS ARMY නමේ තේරුම

  • “Adorable Representative MC (Master of Ceremonies) for Youth”
    • ~ තාරුණ්‍යය වෙනුවෙන් පෙනී සිටින ආදරණීය, (වැඩසටහන්) මෙහෙයවන්නා ~

මිලියන 90 කට වඩා වැඩි BTS රසිකයන් (ARMY) රටවල් 100+ ක පැතිරී සිටින, වයස අවු. 10 – 80 ත් අතර වයස් කාණ්ඩ වල පසුවන, භාෂා 46+ කතා කරන, ලෝකයේ බලවත් ම රසික කණ්ඩායම ලෙස හඳුන්වනවා. ඔවුන්ට මුල් කාලයේ විවිධ කෙනෙහිලිකම් නිසා ඉදිරිපත් කිරීමකට පහසුවෙන් අවස්ථාවක් ලබා ගැනීමටවත් නොහැකි වුනත්, අද ලෝකයේ ඕනෑම රටක BTS සංදර්ශන ටිකට්පත් අලෙවිය ආරම්භ වී පැය කිහිපයක් ඇතුලත දහස් ගණනින් අලෙවී වී අවසන් වෙනවා.

මේ සත් සාමාජික කණ්ඩායම සමාජ ජාලා හරහා ඔවුන්ට පක්ෂපාතී, ලෝකයේ බලවත්ම රසිකයින් සමූහය ගොඩනැඟූ ආකාරයත් ඒ හරහා අලෙවිකරණ අංශය වෙනස්ම මානයකට හැරවූ ආකාරය, මෙන්ම ඔවුන් ඇති කළ ධනාත්මක සමාජයීය හා සංස්කෘතික බලපෑම වැනි දෑ බොහෝ බටහිර සරසවි වල අලෙවිකරණ, සමාජ , සංස්කෘතික විෂයන් වලදී ඉගැන්වීමට යොදා ගන්නවා.

BTS කණ්ඩායමට ඔවුන්ට මුල් කාලයේ කේෂ්‍රත්‍රයේ විවිධ කෙනෙහිලිකම් නිසා රූපවාහිනී ඉදිරිපත් කිරීමකටවත් පහසුවෙන් අවස්ථාවක් ලබා ගැනීමටවත් නොහැකි වුනත්, අද ලෝකය පුරා මාධ්‍ය ආයතන BTS කණ්ඩායම සමඟ මාධ්‍ය හමුවකට/ සම්මුභ සාකච්ඡාඡාවකට අවස්ථාවක් ලබාගැනීමට තරඟ වදිනවා. ලෝකයේ ඕනෑම රටක BTS සංදර්ශන ටිකට්පත් අලෙවිය ආරම්භ වී පැය කිහිපයක් ඇතුලත දහස් ගණනින් අලෙවී වී අවසන් වෙනවා.

මේ සත් සාමාජික කණ්ඩායම සමාජ ජාලා හරහා ඔවුන්ට පක්ෂපාතී, ලෝකයේ බලවත්ම රසිකයින් සමූහය ගොඩනැඟූ ආකාරයත් ඒ හරහා අලෙවිකරණ අංශය වෙනස්ම මානයකට හැරවූ ආකාරය, මෙන්ම ඔවුන් ඇති කළ ධනාත්මක සමාජයීය හා සංස්කෘතික බලපෑම වැනි දෑ බොහෝ බටහිර සරසවි වල අලෙවිකරණ, සමාජ , සංස්කෘතික විෂයන් වලදී ඉගැන්වීමට යොදා ගන්නවා.

ගෝලීය සංගීත කර්මාන්තයේ ජයකෙහෙලි නැංවීම

ඔවුන් අද ගෝලීය සංගීත කර්මාන්තයේ අති සාර්ථකව වැජඹෙන සංගීත කණ්ඩායමක් වගේම අලෙවිකරණ සහ මාධ්‍ය අංශයෙත් ඉහලම ඉල්ලුමක් ඇති වෙළඳ සන්නාමයක් බවට පත් වී අවසන්.

දක්ෂතා සහ විදහා දක්වන BTS, ගෝලීය සංගීත කර්මාන්තයේ අති සාර්ථකව වැජඹෙන සංගීත කණ්ඩායමක් වුයේ ඔවුන්ගේ සුවිශේෂී හැකියාවන් හා කන්කළු සංගීතය මෙන්ම තමන්ගේ රසිකයන් නිතර අගය කිරීම, කණ්ඩායමේ සාමාජියන් අතර තිබෙන අපූරූ සහෝදරත්වය සහ මිතුරුකම වගේම නොවෙනස් නිහතමානී භාවය වැනි කරුණු ඔවුන්ගේ දියුණුවේ රහසයි. ඔවුන් තම ගීත හරහා බොහෝ විට සමාජයේ තිබෙන ගැටළු හා අසාධාරණයන්ට එරෙහිව වටිනා පණිවිඩ ලබාදෙනවා.

ටයිම් සඟරාව ඔවුන් ව ඊළඟ පරම්පරාවේ නායකයින් ලෙසත්, ලෝකයේ වඩාත්ම බලගතු පුද්ගලයන් 100 අතරටත් නම් කරන ලද අතර දෙවරක්ම එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමට ද ඔවුන්ට ආරාධනා ලැබුණා.

ඔවුන් දැනට ලෝක ගිනස් වාර්තා 26+ කට හිමිකම් කියනවා. කොරියානු ජාතිකයෙකුට ලබා ගත හැකි එරට ඉහලම සම්මානය ලැබූ ලාබාලතම කොරියානුවන් වන්නේ BTS කණ්ඩායමයි. දකුණු කොරියානු රජය නියෝජනය කරමින් ජනාධිපති නියෝජිතයින් ලෙස එක්සත් ජාතීන්ගේ SDG සමුළුව ඇමතීමටත් ඔවුන්ට අවස්ථාව හිමි වූ අතර ඇමෙරිකානු සංගීත සම්මාන උළෙලේ හොඳම කලාකරු සම්මානය පළමු වරට ආසියාවට රැගෙන ආ සංගීත කණ්ඩායම වන්නේ ද BTS කණ්ඩායමයි.

BTS කණ්ඩායම දැනට ලබා ඇති සම්මාන වලින් කිහිපයක්

  • Mnet ආසියානු සංගීත සම්මාන 33 ක්
  • Melon සංගීත සම්මාන 29 ක්
  • ගෝල්ඩන් ඩිස්ක් සම්මාන 24 ක්
  • සෝල් සංගීත සම්මාන 20 ක්
  • කොරියානු සංගීත සම්මාන 6 ක්
  • Gaon සංගීත සම්මාන 19 ක්
  • ඇමරිකානු සංගීත සම්මාන 6 ක්
  • MTV වීඩියෝ සංගීත සම්මාන 6 ක්
  • Billboard ඉහළම සමාජ කලාකරු සම්මානය අඛණ්ඩව වසර 5 ක්
  • Billboard සංගීත සම්මාන 9 ක්
සමාජ සේවා

BTS කණ්ඩායම UNICEF සමඟ එක්ව විවිධ සමාජ සේවා කටයුතු වල නිරත වන අතර කොරියාව තුල පමණක් නොව ලෝකයේ බොහෝ රටවල දරුවන්ට, රෝහල් වලට මෙන්ම විවිධාකාර විපත් වලින් අසරණ වූ ජනතාවට ඔවුන් ආධාර ලබා දෙනවා. BTS ගීත ඇල්බම් වලින් ලබන ආදායම මෙන්ම සාමාජිකයින් තමන්ගේ පෞද්ගලික ධනයෙන් ද නිතර ආධාර සිදු කලත් බොහෝවිට ඔවුන්ගේ ඒ ආධාර බෙදා දෙන්නේ තම රසිකයන්ගේ නමින්.

කොරියාව තුල හා වෙනත් රටවලද සිදු වන අසාධාරණයන්ට එරෙහිව නැගී සිටින ඔවුන්, දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් BTS x UNICEF #ENDviolence හා Love Myself “තමන්ට ආදරය කරන්න” යනාදී වැඩසටහන් දියත් කර සමාජ දැනුවත් කිරීමට කටයුතු කරනවා..

“BTS is more than just a boyband, they are activists creating fast and big change in the world.“
BTS කණ්ඩායම සංගීත කණ්ඩායමකට පමණක්ම සීමා නොවූ ලෝකයට යහපත් වෙනසක් කල හැකි තරුණ නායකයින් පිරිසක්!

Globe

BTS සාමාජිකයින්ගේ සම්පූර්ණ විස්තර:

BTS ගීත ලැයිස්තුව:

  • RM ගේ “Dreamin” (2010)
  • Ashes (ft. BTS RM) ගේ “Ashes” ගීතය (2010 සැප්. 26)
  • 2AM (ft. BTS RM) ගේ “Love U Hate U” ගීතය (2010 ඔක්. 26)
  • Kan Mi-Youn (ft. BTS RM) ගේ “Because I’m a Foolish Woman” ගීතය (2011 පෙබ. 21)
  • Lee Hyun (ft. Jiyeon, IRON & BTS RM) ගේ “Bad Girl” ගීතය (2011 පෙබ. 21)
  • Lee Seung Gi (ft. BTS RM & j-hope) ගේ “A Song Make to You Smile” ගීතය (2011 ඔක්. 27)
  • Jo Kwon (ft. BTS j-hope) ගේ “Animal” ගීතය (2012 ජූනි 25)
  • RM ගේ “Rap Monster” (2012)



  • 2 COOL 4 SKOOL – debut single album
  • O!RUL8,2? (Oh! Are you late, too?)




BTS BTS Sinhala BTS Sri Lanka | බීටීඑස් | BTS ආරම්භය | BTS විස්තර | BTS බෝයි බෑන්ඩ් | BTS සාමාජිකයින් | බීටීඑස් කණ්ඩායම | කොරියානු පොප් සංගීතය | බීටීඑස් කොරියානු කණ්ඩායම | ලෝකයේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම | බී.ටී.එස් | බීටීඑස් චරිතාපදානය | BTS චරිතාපදානය | BTS ගැන | BTS ගැන අපි නොදත් තොරතුරු | BTS ගැන තොරතුරු | BTS ගැන අපි නොදත් තොරතුරු | කොරියානු රැල්ල | BTS ගැන නොදන්න දේවල් | කොරියානු සුපිරි තරු | BTS ජයග්‍රහණ | BTS Army meaning in Sinhala | BTS meaning in Sinhala | BTS in Sinhala | BTS Sinhala | BTS Sinhala Story | BTS army in Sri Lanka | BTS Sri Lanka | bts gana sinhalen | Who are the BTS | කවුද මේ BTS | BTS බෑන්ඩ් එකේ කතාව | BTS ගැන ඔබ නොදත් කරුණු | කවුද මේ BTS | BTS හැදුනේ කොහොමද | BTS අතීතය | BTS සංවත්සරය | BTS සංගීත කණ්ඩායම පිලිබදව | BTS Sri Lanka | BTS ARMY Sri Lanka | BTS ආරම්භය | BTS විස්තර | BTS බෝයි බෑන්ඩ් | BTS සාමාජිකයින් | බීටීඑස් කණ්ඩායම | කොරියානු පොප් සංගීතය | බීටීඑස් කොරියානු කණ්ඩායම | ලෝකයේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම | බී.ටී.එස් | බීටීඑස් චරිතාපදානය | BTS චරිතාපදානය | BTS ගැන | BTS ගැන අපි නොදත් තොරතුරු | BTS ගැන තොරතුරු | BTS ගැන අපි නොදත් තොරතුරු | කොරියානු රැල්ල | BTS ගැන නොදන්න දේවල් | කොරියානු සුපිරි තරු | BTS ජයග්‍රහණ | බීටීඑස් චරිතාපදානය | BTS චරිතාපදානය | BTS ආරම්භය | BTS විස්තර | BTS බෝයි බෑන්ඩ් | BTS සාමාජිකයින්බී | ටීඑස් කණ්ඩායම | BTS මෙතෙක් ආ ගමන | BTS ගැන තොරතුරු | BTS ගැන අපි නොදත් තොරතුරු | BTS ජීවිත කතා

බීටීඑස් | BTS ආරම්භය | BTS විස්තර | BTS බෝයි බෑන්ඩ් | BTS සාමාජිකයින් | බීටීඑස් කණ්ඩායම | කොරියානු පොප් සංගීතය | බීටීඑස් කොරියානු කණ්ඩායම | ලෝකයේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම | බී.ටී.එස් | බීටීඑස් චරිතාපදානය | BTS චරිතාපදානය | BTS ගැන | BTS ගැන අපි නොදත් තොරතුරු | BTS ගැන තොරතුරු | BTS ගැන අපි නොදත් තොරතුරු | කොරියානු රැල්ල | BTS ගැන නොදන්න දේවල් | කොරියානු සුපිරි තරු | BTS ජයග්‍රහණ | BTS Army meaning in Sinhala | BTS meaning in Sinhala | BTS in Sinhala | BTS Sinhala | BTS Sinhala Story | BTS army in Sri Lanka | BTS Sri Lanka | bts gana sinhalen | Who are the BTS | කවුද මේ BTS | BTS බෑන්ඩ් එකේ කතාව | BTS ගැන ඔබ නොදත් කරුණු | කවුද මේ BTS | BTS හැදුනේ කොහොමද | BTS අතීතය | BTS සංවත්සරය | BTS සංගීත කණ්ඩායම පිලිබදව | BTS Sri Lanka | BTS ARMY Sri Lanka | BTS ආරම්භය | BTS විස්තර | BTS බෝයි බෑන්ඩ් | BTS සාමාජිකයින් | බීටීඑස් කණ්ඩායම | කොරියානු පොප් සංගීතය | බීටීඑස් කොරියානු කණ්ඩායම | ලෝකයේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම | බී.ටී.එස් | බීටීඑස් චරිතාපදානය | BTS චරිතාපදානය | BTS ගැන | BTS ගැන අපි නොදත් තොරතුරු | BTS ගැන තොරතුරු | BTS ගැන අපි නොදත් තොරතුරු | කොරියානු රැල්ල | BTS ගැන නොදන්න දේවල් | කොරියානු සුපිරි තරු | BTS ජයග්‍රහණ | බීටීඑස් චරිතාපදානය | BTS චරිතාපදානය | BTS ආරම්භය | BTS විස්තර | BTS බෝයි බෑන්ඩ් | BTS සාමාජිකයින්බී | ටීඑස් කණ්ඩායම | BTS මෙතෙක් ආ ගමන | BTS ගැන තොරතුරු | BTS ගැන අපි නොදත් තොරතුරු | BTS ජීවිත කතා