BTS Singles Discography

BTS විසින් ප්‍රධාන වශයෙන් ඔවුන්ගේම ගීත ලෙස තනි ගීත 38 ක් නිකුත් කර ඇති අතර තවත් තනි නොවන (non-single) ගීත 100 කට වඩා නිකුත් කර ඇත.

2013 නිකුත් කල පළමු ගීතය වූ “No More Dream” ගීතය Gaon ශ්‍රේණිගත කිරීම් වල 124 වන ස්ථානයට පත් වූ අතර දළ වශයෙන් පිටපත් 50,000ක් අලෙවි විය. ඉන්පසු ඔවුන්ගේ O!RUL8,2? ඇල්බමය වෙනුවෙන් “N.O” නිකුත් කළ අතර එය දේශීය වශයෙන් සුළු වාණිජ සාර්ථකත්වයක් අත්කර ගත්තේය. නමුත් 2014 දී “Boy in Luv (බෝයි ඉන් ලව්)”, “ජස්ට් වන් ඩේ”, “ඩේන්ජර්” සහ “වෝර් ඔෆ් හෝර්මෝන්” යන තනි ගීත හතරක් නිකුත් කළ අතර ඒවා සියල්ලම ඩිජිටල් ශ්‍රේණිගත කිරීම් වලට ඇතුළත් විය. ඒ අතරින් “Boy in Luv” ශ්‍රේණිගත කිරීම් වල ඉහළම 50 දක්වා ළඟා වූ අතර ඒ වසර අවසානය වන විට පිටපත් 200,000 කට වඩා අලෙවි විය.

Come Back Home

With Seoul