කිම් නම්-ජූන් BTS RM

BTS RM Kim Namjoon

BTS RM

BTS කණ්ඩායමේ නායක කිම් නම්-ජූන් BTS RM (김남준)

බාධක හමුවේ නොසැලී, ලොවක් ජයගත් කණ්ඩායමක සාර්ථකත්වයේ අඩිතාලම

රටක, සංවිධානයක, ව්‍යාපාරයක හෝ කණ්ඩායමක සාර්ථකත්වය රැදී තිබෙන්නේ එහි නායකත්වය ගන්නා තීන්දු තීරණ, නායකයාගේ නායකත්ව ලක්ෂණ සහ මඟ පෙන්වීම් මතයි. එමෙන්ම වර්තමාන සමාජය මුහුණ දෙන ගැටළු සඳහා විසඳුම් සෙවීමට, ධනාත්මක බලපෑමක් ඇති කල හැකි, තරුණ පරපුරට නිවැරදි මඟ පෙන්විය හැකි නායකයින් අත්‍යාවශ්‍යයි. BTS කණ්ඩායමේ නායක කිම් නම්-ජූන් BTS RM එවැනි තරුණ නායකයෙක්.

2018 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ වාර්ෂික සැසිවාරය අමතමින් පුද්ගලයෙක් තමන්ගේ ආරම්භය අමතක නොකල යුතු බවත්, තමන්ව කවුදැයි හඳුනා ගැනීම වැදගත් බවත් මතක් කරමින්, ලෝක බලවතුන් ඉදිරියේ, කතාවක් පැවැත්වූ වයස අවුරුදු 24 ක් වූ තරුණ නායකයා, කිම් නම්-ජූන්, බොහෝ දෙනාගේ පැසසුමට සහ අවධානයට ලක් වුණා.

එම කතාවේදී තමන්ගේ ළමා කාලයේ සහ BTS කණ්ඩායමේ මුල් කාලයේ මුහුණ දුන් බාධක පිළිබඳ ව සිහි කරමින් ඔහු මෙසේ පැවසුවා.

“මගේ නම කිම් කිම් නම්-ජූන්, BTS කණ්ඩායමේ RM. මම හිප්-පොප් තරුවක්. ඒ වගේම කොරියාවේ පුංචි නගරයකින් ආපු කලාකරුවෙක්. හැමෝම වගේ මටත් අතපසුවීම් වෙලා තියෙනවා. මටත් වැරදිලා තියෙනවා. මගේ වැරදි ගොඩක් තියෙනවා. මමත් බය දේවල් ගොඩක් තියෙනවා. ඒත් මම ඒ හැමදේම පුළුවන් උපරිමයෙන් පිළි අරගෙන, හෙමින් හෙමින් මම මට ආදරය කරන්න පටන් ගන්නවා. මම අද ඉන්න කෙනා බවට පත් වුණේ මගේ අතින් සිදු වුණු හැම වැරද්දක්ම අතපසුවීමක් ම නිසයි. හෙට මම අදට වඩා පොඩ්ඩක් බුද්ධිමත් වේවි. ඒත් ඒ මමමයි. ඒ වැරදි, අතපසුවීම් මගේ ජීවිතය කියන තාරකා මණ්ඩලයේ දීප්තිමත්ම තරු. මම එදා හිටපු මටත්, අද ඉන්න මටත්, අනාගතයේ වෙන්න බලාපොරොත්තු වෙන මටත් ආදරය කරන්න පටන් ගත්තා. ඔබේ හදවතට සවන් දෙන්න. ඔබ වෙනුවෙන් කතා කරන්න. ඔබ කවුරු වුණත්, ඔබ කොහේ ඉඳන් ආවත්, ඔබේ හමේ පාට මොකක් වුණත්, ඔබේ ස්ත්‍රී-පුරුෂ අනන්‍යතාවය කුමක් වුණත් ඔබ වෙනුවෙන් කතා කරන්න.”

BTS speech at the United Nations | UNICEF 2018

ලෝක සංගීත කේෂ්ත්‍රයේ පෙරළියක් සිදු කිරීමට නායකත්වය දෙන කිම් නම්ජූන් (RM) ගායකයෙක්, ගී පද රචකයෙක්, සංගීත නිෂ්පාදකවරයෙක් සහ නර්ථන ශිල්පියෙක්.

ගෝලීය සංගීත කර්මාන්තයේ අති සාර්ථකව වැජඹෙන BTS (Bangtan Sonyeondan) වෙනත් කිසිදු නවීන සංගීත කණ්ඩායමක් මෙතෙක් අත් කර නොගත් ජයග්‍රහණ සහ වාර්තා අත් කරගත් සත් සාමාජික කොරියානු සංගීත කණ්ඩායමක්. එක රැයකින් තරු බවට පත් වූ සංගීත කණ්ඩායමක් නොවන, වසර ගණනාවක් තිස්සේ වෙහෙස මහන්සි වී තම හැකියාවන් වර්ධනය කර ගත්, පුංචි තැනකින් ආරම්භ වී නොයෙක් බාධක ගැටළු වලට මුහුණ දෙමින් ඉදිරියට ආ තරුණයින් හත් දෙනෙක්. BTS සාර්ථකත්වයට සාමාජිකයන්ගේ සුවිශේෂී ගායන හා නර්ථන හැකියාවන්, අර්ථවත් ගීත, කණ්ඩායමේ සාමාජිකයන් අතර තිබෙන කණ්ඩායම් හැඟීම වගේම නොවෙනස් නිහතමානී භාවය වැනි බොහෝ හේතූ බලපෑවත්, ඒ සාර්ථකත්වයේ අඩිතාලම ලෙස නිවැරදි නායකත්වය හැඳින්වීමට පුළුවන්.

BTS කණ්ඩායමේ සාර්ථකත්වයේ අඩිතාලම වූ නායක කිම් කිම් නම්-ජූන් (RM) ගේ නායකත්ව ගතිලක්ෂණ මොනවාද?

රිණත බව

පරිණත බව යහපත් සබඳතා පවත්වාගැනීමට ඉතාමත් වැදගත්. පරිණත බවකින් යුක්ත අයෙක්ට ඉතාමත් පහසුවෙන් අභියෝගයන්ට අභියෝග කළ හැකිය. එමෙන්ම ඉතාමත් හොඳ සිහියකින් යුතුව නුවණින් කටයුතු කිරීමට හැකියාව ද ලැබෙනවා. කිම් නම්-ජූන් (RM) ගේ පරිණත බව විදහා දක්වන බොහෝ උදාහරණ තිබෙන අතර විශේෂයෙන්ම සම්මුඛ සාකච්ඡා වලදී පරිණත ලෙස උචිත පිළිතුරු සැපයීමට ඔහු දක්ෂයෙක්. එමෙන්ම ඔහු රචනා කරන ගීත වල තිබෙන අර්ථවත් පරිණත අදහස් බොහෝ දෙනාගේ පැසසීමට ලක් වෙනවා.

2019 වසරේ එක් ඇමෙරිකානු සම්මුඛ සාකච්ඡාවකදී, ඇමෙරිකාව දේශපාලනමය වශයෙන් අර්බුධකාරී තත්වයක පසුවන අවස්ථාවක ප්‍රසංගයක් පැවැත්වීමට ඒ රට තෝරා ගත්තේ ඇයි දැයි වාර්තාකරුවෙක් ඇසූ ප්‍රශ්නයකට RM මෙලෙස පිළිතුරු දුන්නා.

“BTS අපි, යුද්ධය, සාමය, ගෝලීය දර්ද්‍රතාවය, ආහාර අහේනිය වගේ ගැඹුරු ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා ඇමෙරිකාවේ වගේම කොරියාවෙත්. අපේ පණිවිඩය තමන්ට ආදරය කරන්න කියන එක. ඒ වගේම පුංචි දේවල් (ගැටළු) ගැන බලන්න කියන ඒක.”

කණ්ඩායමට මුල්තැන ලබා දීම

BTS කණ්ඩායම ආරම්භයටත් පෙර සිටම යම් ප්‍රසිද්ධියක් ඉසිලූ රැප් ගායකයෙක් වූ RM, කණ්ඩායමේ අනිත් අයට සාපේක්ෂව තනි ගායකයෙක් විදිහට පහසුවෙන්ම ඉදිරියට යෑමේ හැකියාව තිබුණු අයෙක්. BTS කණ්ඩායම අසාර්ථක වෙන ලකුණු තිබුණු කාලයක කණ්ඩායම අතහැර ඒකල ගායකයෙක් විදිහට ඉදිරියට යන්න කැමති දැයි ඔහුගේ ප්‍රධානියා විමසූ විට තමන්ගේ අනාගත දියුණුව ගැන පමණක් නොසිතා කණ්ඩායම තෝරා ගැනීමට RM මොහොතක්වත් පැකිලුනේ නැහැ.

කණ්ඩායමට සාමාජිකයින්ට දක්වන සෙනෙහස

BTS කණ්ඩායමේ සාමාජිකයන් අතර ති‌බෙන බැඳීම වෘත්තීය සම්බන්ධතාවයකට පමණක් සීමා නොවූ මිත්‍රත්වයක්. කණ්ඩායමේ නායකයා විදිහට තම කණ්ඩායමේ සාමාජිකයන්ගේ යහපැවැත්ම පිළිබඳ වගකීම පැවැරෙන්නේ (RM) ට. සෑම අවස්ථාවකම කණ්ඩායමේ සාමාජිකයන් අගය කරන, ‌‌‌ධෛර්යමත් කරන සහ ඔවුන් පිළිබඳ සොයා බලන RM, සාමාජිකයින්ට දක්වන සෙනෙහස, පීතෘ සෙනෙහසකට සමාන කරන්නේ ඒ නිසයි.

කණ්ඩායමේ සාමාජිකයන්ට RM ලබා දෙන ශක්තිය සහ මඟ පෙන්වීම දැඩි රුකුලක් බව සාමාජිකයන් නිතරම ප්‍රකාශ කරනවා. BTS කණ්ඩායම ආරම්භ වූ මුල් කාලයේ සමාජ මාධ්‍ය හරහා ඔවුන්ට ලැබුණු ද්වේෂ සහගත පණිවිඩ අතර ඉංග්‍රීසි මාධ්‍ය පණිවිඩත් තිබුණා. ඒ නිසා සාමාජිකයන් මානසිකව ඇද වැටේ යැයි සිතමින් කණ්ඩායමේ ඉංග්‍රීසි භාෂාව කතා කල එකම සාමාජිකයා ලෙස නායක RM, ඒ පණිවිඩ ධනාත්මක පණිවිඩ ලෙස පරිවර්තනය කර දී කණ්ඩායමේ සාමාජිකයන්ගේ ශක්තිය සහ ධෛර්ය වර්ධනය කිරීමට උත්සාහ කිරීම එක් නිදසුනක්.

BTS කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින්ගේ අදහස්

මට ගැටළු ප්‍රශ්න තියෙනවා. මම කාටවත් නොකියන පසුතැවිලි තියෙනවා. ඒත් මට ඕනි වේලාවක හයියට මගේ යාළුවා, අපේ නායකයා, නම්ජූන් (RM) ඉන්නවා.

– BTS Jin

මේ ලෝකේ මට මුණ ගැහුණු අයගෙන් මං වැඩිපුරම කැමති කෙනෙක් තමයි නම්ජූන් (RM). එයා අපේ විශ්වාසවන්ත නායකයා. එයා පුංචිම කාලේ ඉඳන් සංගීත කටයුතු කළ දක්ෂ කලාකරුවෙක්. ඒ නිසා අපි එකට වැඩ කරද්දී මට එයාගෙන් ධනාත්මක ආභාෂයක් ලැබෙනවා.

– BTS SUGA

නම්ජූන් (RM) ගේ නායකත්ව හැකියාවන් වගේම භාෂා හැකියාවන් මම ගොඩක් අගය කරනවා. මට ඔිනි වේලාවක හයියට ඉන්නේ එයා. මම වැඩිපුරම මගේ දේවල් කතා කරන්නේ මගේ යාළුවා නම්ජූන් එක්ක.

– BTS j hope

වේදිකාවේ අංක එකේ දක්ෂයා නම්ජූන් (RM). තමන්ගේ ආපූ ගමන දිහා හැරිලා බලලා වැරද්දක් තියෙනවා නම් හදාගන්න ඔහුට තියෙන දක්ෂතාවය මම අගය කරනවා. නායකත්වය කියන්නේ වගකීම් වැඩි, අමාරු තනතුරක්. ඒත් නම්ජූන් ඒක හරියටම කරනවා.

– BTS Jimin

නම්ජූන් (RM) කියන්නේ මට ගොඩක් වටින, මාව හොඳටම තේරුම් ගත්ත කෙනෙක්. අද අපි ඉන්න මේ තැනට අපිව අරගෙන ආවේ, අපිව ධෛර්යමත් කලේ අපේ නායකයා. මම එයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.

– BTS V

මම Big Hit ආයතනයට බැඳෙන්න තීරණය කලේ නම්ජූන් (RM) නිසයි. හැමදාම මගේ ජීවිතයේ වීරයා ඔහු. මම ඔහුගේ අඩිපාරේ යනවා. එයා ඇත්තටම නියම පුද්ගලයෙක්

– BTS Jungkook

නිහතමානී බව

ලෝකයේ සාර්ථකම සංගීත කණ්ඩායමක නායකයා ලෙස ඔහු සතුව විශාල බලයක් සහ රසිකයින් මිලියන ගණනකගේ සහයෝගය තිබුණත් ඉතා නිහතමානීව කටයුතු කරන නම්ජූන් (RM) නිතරම බොහෝ අයගේ ප්‍රසංශාවට පත් වෙනවා. නිතරම බොහෝ සම්මාන ලබා ගත්තත් ඒ හැම අවස්ථාවක තමන්ගේ රසිකයින් ඇතුළු සියළු දෙනාටම ස්තූති කිරීම, කණ්ඩායමේ ආරක්ෂකයින්ට සහ සේවකයන්ට පවා නිසි ලෙස ගෞරවයෙන් ආචාර කිරීම, පුහු මවා පෑම් වලින් තොරව තමා මුහුණ දෙන ගැටළු බාධක පිළිබඳව කතා කිරීම, ‌නායකයෙක් ලෙස තම කාර්යය කිරීමට කණ්ඩායමෙන් ලැබෙන සහයෝගයට නිතර ස්තූති කිරීම ආදිය ඔහුගේ නිහතමානී බවට උදාහරණ කිහිපයක්.

බුද්ධිමය, සංස්කෘතිමය සහ චිත්තවේගී ඥාණය

නම්ජූන් (RM) ලෝක ජනගහනයෙන් 1% පමණ වූ ඉහළ බුද්ධි මට්ටමක් ඇති පිරිසට අයත් වන්නේ ඔහුගේ බුද්ධි ඵල (IQ) ලකුණු මට්ටම 148 වන නිසා. ඔහු රචනා කරන ගීත සහ ඔහුගේ අදහස් තුලින් ද ඒ බව නිතරම මැනවින් පැහැදිලි කරනවා. ඒ හැරුණු විට ඔහුට ඉහළ සංස්කෘතිමය සහ චිත්තවේගී ඥාණයක් තිබෙන බවත් ඔහුගේ හැසිරීම්, සම්මුඛ සාකච්ඡා සහ පුද්ගල සම්බන්ධතා හරහා නීරීක්ෂණය කල හැකියි. අන්තර්පුද්ගල සබඳතා සහ සන්නිවේදන හැකියාවන් සාර්ථක නායකයෙකුට අත්‍යාවශ්‍ය සාධකයන්.

භාෂා හැකියාව සහ වචන තෝරා ගැනීම

කොරියානු භාෂාව මෙන්ම ඉංග්‍රීසි සහ ජපන් භාෂාවන් චතුර ලෙස හසුරවන නම්ජූන් (RM) සාහිත්‍ය සහ ගී පද රචනයේ දක්ෂයෙක්. ඔහුගේ චතුර වචන හැසිරවීම බොහෝ අය අතර ජනප්‍රිය වීමට ඔහුගේ නිර්මාණශීලී අදහස් ‌එක් හේතුවක්. ගීත 177 කට අධික ප්‍රමාණයක් රචනා කර ඇති ඔහු ගීත රචනා කිරීමේ දී පුද්ගලයින් අතර තිබෙන සංස්කෘති, ස්ත්‍රී-පුරුෂ අනන්‍යතා, සහ වෙනත් බාධක ඉක්මවා යමින් සෑම කෙනෙකුට ගැලපෙන ආකාරයෙන් පද ගලපන බව පවසා තිබෙනවා.

පුද්ගලයෙක්, කලාකරුවෙක් සහ නායකයෙක් වශයෙන් අගය කළ යුතු පෞරුෂත්වයක්, ගතිගුණ සහ දක්ෂතා ඇති නම්ජූන්, මිලියන ගණනක් රසිකයන් ආදරය කරන BTS සංගීත කණ්ඩායමේ ආරම්භයට මූලික හේතුව ලෙස ද හැඳින්විය හැකියි.

දකුණු කොරියානු සංගීත නිෂ්පාදකයෙක් වන Bang Si-hyuk, කිම් නම්ජූන් (RM) ගේ දක්ෂතා ගැන පැහැදීමට පත් වී, ඔහුව යොදා ගෙන නව ආරක සංගීත කණ්ඩායමක් නිර්මාණය කිරීමේ අදහසින් දකුණු කොරියාව පුරා දියත් කල කුසලතා පරීක්ෂණ මාලාවකින් පසුවයි BTS සංගීත කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් සොයා ගැනෙන්නේ.

BTS සංගීත කණ්ඩායමේ මුල්ම සාමාජිකයා මෙන්ම නායකයා වශයෙන් එම කණ්ඩායමේ මූලික සහ ස්ථාවර අඩිතාලම ලෙස කිම් නම්ජූන් හැඳින්විය හැකියි.

වර්ථමාන තරුණ නායකයින් අතර කැපී පෙනෙන, BTS සංගීත කණ්ඩායමේ නායක කිම් නම්ජූන් (RM), නායකයින්ට, තරුණ පරපුරට, මෙන්ම ඕනෑම පුද්ගලයෙකුට ආදර්ශයට ගත හැකි පුද්ගලයෙක්.

Coming Soon

RM Rap Monster

Mono Playlist

  • RM Bicycle 2021 BTS FESTA [Video]
  • RM, Wale ‘Change’ [Video]
  • BTS (방탄소년단) MAP OF THE SOUL : PERSONA ‘Persona’ Comeback Trailer [Video]

Solo Performances – Non BTS songs

  • TVPP Rap Monster (BTS) – Umbrella 산 @ Duet Song Festival [Video]

Other videos

  • [Duet song festival] 듀엣가요제 – Rap monster meet yuiko at the airport 20160701 [Video]