ජන්ග්කුක් President’s Award සම්මානය සමඟ විශ්ව විද්‍යාල උපාධිය සාර්ථකව නිම කරයි.
2014 මාර්තු මාසයේ 03 වන දින BTS කණ්ඩායමේ සාමාජිකයින් පුංචි ජන්ග්කුක්ව SOPA (School of Performing Arts Seoul) පාසලට භාර දීමට ගිය දවසින් හරියටම අවුරුදු 8 කට පසු මේ වසරේ ජන්ග්කුක් තමන්ගේ අධ්‍යාපන ජීවිතයේ වැදගත් කඩඉමක් පසු කරන්නේ විශ්ව විද්‍යාල උපාධිය සාර්ථකව අවසන් කරමින්.
ග්ලෝබල් සයිබර් විශ්ව විද්‍යාලයේ Broadcasting and Entertainment උපාධිය හැදැරූ BTS කණ්ඩායමේ බාලයා ජන්ක්ගුක් අද විශ්ව විද්‍යාල උපාධිය ලබා ගත්තා. හොඳම ශිෂ්‍යයාට ප්‍රධානය කරන President’s Award ද ඔහුට හිමි වීම විශේෂත්වයක්!
උපාධි උත්සවයට සහභාගී වීමට නොහැකි වුණත් වීඩියෝ පණිවිඩයක් හරහා උපාධි උත්සවය ඇමතූ ජන්ග්කුක් මෙසේ සඳහන් කළා.
යමක් ඉගෙන ගැනීම සෑම විටම ඉතා උද්යෝගිමත් සහ විශ්මයජනක අත්දැකීමක්. උපාධියක් ලබා ගන්නවා කියන්නේ අළුත් කාල පරිච්ඡේදයක ආරම්භයක් ඒ නිසා වෙන්න ඇති මට උද්යෝගයක් දැනෙන්නේ. විශ්ව විද්‍යාල ප්‍රධානී ඉල්චි ලීගේ සිට මහාචාර්යවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දක්වා සියළු දෙනාටම මම අවංක කෘතඥතාව පුද කරනවා. ඒ වගේම අද උපාධි ලබා ගන්නා මගේ සම වයසේ මිතුරන්ට සුබ පැතුම්.
අපි සියලු දෙනාම මේ වර්තමාන මොහොත අගය කරමින් අපේ ආදරණීය සිහින සඳහා අවංක උත්සාහයක් දරනු ඇතැයි මම විශ්වාස කරනවා. මම හැමවෙලේම ඔබේ සිහින වෙනුවෙන් දිරිමත් කරන්නම්. ඒ වගේම අපගේ ආදරණීය රසිකයින් වෙනුවෙන් තවත් ලස්සන සංගීත සහ ඉදිරිපත් කිරීම් ලබාදීමට මම මගේ උපරිමයෙන් උත්සාහ කරන්නම්. ඔබට ස්තුතියි.
BTS JK