BTS කණ්ඩායමට ඇමෙරිකාවේ ජනාධිපති සමඟ සාකච්ඡාවකට ධවල මන්දිරයට ආරාධනා
ආසියානුවන්ට එරෙහිව සිදු වෙන අපරාධ මෙන්ම ලොව පුරා බලාපොරොත්තුවේ සහ ධනාත්මකභාවයේ පණිවිඩ පතුරුවන තරුණ තානාපතිවරුන් ලෙස BTS කණ්ඩායම විසින් නිර්මාණය කල වේදිකාව ඇතුළු කරුණු කිහිපයක් ගැන සාකච්ඡා කිරීමට BTS කණ්ඩායම මැයි 31 වන දා ඇමෙරිකාවේ ධවල මන්දිරයේදී ඇමෙරිකානු ජනාධිපතිවරයා හමුවීමට නියමිතයි.
දකුණු කොරියානු රජය නියෝජනය කරමින් ජනාධිපති නියෝජිතයින් ලෙස එක්සත් ජාතීන්ගේ SDG සමුළුව ඇමතීමටත් අවස්ථාව හිමි කර ගත් BTS කණ්ඩායම ඇමෙරිකානු සංගීත සම්මාන උළෙලේ හොඳම කලාකරු සම්මානය පළමු වරට ආසියාවට රැගෙන ආ සංගීත කණ්ඩායම ද වේ.
ආසියානුවන්ට එරෙහිව සිදු වෙන අපරාධ කෙරෙහි විරෝධය දක්වමින් පසුගිය වසරේ BTS කණ්ඩායම නිකුත් කල ට්විටර් පණිවිඩය ඒ අවුරුද්දේ වැඩිම අවධානය යොමු වූ ට්විටර් පණිවිඩ අතර මුල් තැනට පත් වුණා.
BTS x UNICEF
BTS කණ්ඩායම 2017 නොවැම්බර් 1 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ UNICEF සඳහා කොරියානු කමිටුව සමඟ නිල වශයෙන් හවුල්කාරිත්වයකට එළඔුණ අතර, #ENDviolence නම් හිංසනයට එරෙහිව දියත් කල වැඩසටහනට අනුග්‍රහය දැක්වීමේ උත්සාහයක් ලෙස – යුනිසෙෆ් සමඟ එක්ව ගෝලීය ව්‍යාපාරයක් දියත් කලේ පුරා ළමුන්ට සහ යෞවනයන්ට හිංසනය සහ ප්‍රචණ්ඩත්වයට බියෙන් තොරව ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලඟා කර දීම අරමුණු කර ගෙනයි.
කොරියාව තුල හා වෙනත් රටවලද සිදු වන අසාධාරණයන්ට එරෙහිව නැගී සිටින ඔවුන්, දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් UNICEF හා එක්ව BTS x UNICEF #ENDviolence ව්‍යාපාරයට අමතරව Love Myself වැඩසටහන දියත් කර සමාජය දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබේ.
Love Myself ව්‍යාපෘතිය වෙනුවෙන් සාමාජිකයින් හත් දෙනා සහ බිග්හිට් ආයතනය ඇමෙරිකානු ඩොලර් 100 ක් පරිත්‍යාග කල අතර Love Yourself ඇල්බම් මාලාවේ භෞතික ඇල්බම අලෙවියෙන් ලැබෙන ආදායමෙන් 3% ක් සහ LOVE MYSELF ව්‍යාපාරය සඳහා නිර්මාණය වූ නිල භාණ්ඩ අලෙවියෙන් ලැබෙන ආදායමෙන් 100% පරිත්‍යාග කරන ලදී.
ධවල මන්දිරය නිකුත් කල නිවේදනය

BTS members are going to the White House next week to meet President Biden!! “Korean pop supergroup BTS is set to meet President Joe Biden on Tuesday, the White House announced, a visit aimed at discussing Asian inclusion and representation and addressing anti-Asian hate crimes and disinformation. the White House added, “will also discuss the importance of diversity and inclusion and BTS’ platform as youth ambassadors who spread a message of hope and positivity across the world.” – CNN (source)
No responses yet