අභ්‍යවකාශ සන්නිවේදන ඉතිහාස පොතට එක් වෙමින් අභ්‍යවකාශයේ සිට පෘතුවියට සම්ප්‍රේෂණය කල පළමු K-pop මියුසික් වීඩියෝව බවට BTS Dynamite පත් වේ.
ද. කොරියාවට අයත් දනුරි නම් වූ යානය උඩුගුවනට යැව්වේ අගෝස්තු මාසයේ. එය 2023 දෙසැම්බර් මාසයේ චන්ද්‍රයා වටා කක්ෂගත වී චන්ද්‍රයා මත පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. අභ්‍යවකාශ චාරිකාවල තවත් නව සන්ධිස්ථානයක් සටහන් කරමින් රැහැන් රහිත අභ්‍යවකාශ අන්තර්ජාල සේවාවක් හරහා අභ්‍යවකාශ සන්නිවේදනය වැඩි දියුණු කිරීම එහි එක් අරමුණක්.
මේ අන්තර්ජාල සේවාව පරීක්ෂා කර බැලීමේ එක් පියවරක් ලෙස අභ්‍යවකාශයේ සිට පෘතුවියට සංගීත වීඩියෝවක් සම්ප්‍රේෂණය කල අතර ඒ සඳහා තෝරා ගත්තේ BTS Dynamite ගීතයයි. කිලෝමීටර මිලියන 121-128 ක දුරක අභ්‍යවකාශයේ සිට පෘතුවියට සම්ප්‍රේෂණය කල ඒ වීඩියෝව සාර්ථකව සජීවීව (real -time) පෘතුවියේ සිට නැරඹිය හැකි වූ අතර එය අභ්‍යවකාශ සන්නිවේදනයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කළා.
චන්ද්‍රයා මත යානය ගොඩබැස්වීමෙන් අනතුරුව ද නැවත ඒ ගීතය චන්ද්‍රයා මත සිට පෘතුවියට සම්ප්‍රේෂණය කර පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතයි.
Full video:
kari.re.kr/kplo/danuri/multi/multiMediaView.do?idx=11&pageIndex=1&searchCnd=&searchWrd=