BTS සාමාජිකයින් හමුදා සේවයට එක් වීම හේතුවෙන් ලබන වසරේ ආයතනයේ ලාභදායිතාවය මේ වසරේ වඩා නරක අතට හැරෙනු ඇතැයි Hybe සමාගම අනාවැකි පළ කළේය. BTS සාමාජිකයන් හත් දෙනාගෙන් වැඩිමහල් සාමාජිකයා වන ජින් මේ වසර අවසානයේ හෝ ලබන වසරේ මුලදී හමුදාවට බැඳීමට අපේක්ෂා කරන අතර BTS කණ්ඩායමේ J-Hope සහ Jin ගේ ඒකල ඇල්බම නිකුත් කිරීමෙන් පසුව, RM ළඟදීම ඒකල ඇල්බමයක් නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන අතර, Suga, Jimin, V, සහ Jungkook ද ලබන වසරේ ඒකල ඇල්බම නිකුත් කිරීමට බලාපොරොත්තු වේ.
Hybe සමාගම විසින් 2025 වන විට BTS හි පූර්ණ ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන නමුත් අනෙකුත් සාමාජිකයින් හමුදාවට බැඳීම සම්බන්ධ නියමිත කාලසටහන තීරණය කර නොමැත. Jin ට වඩා අවුරුදු පහක් බාල Jungkook ගේ හමුදා සේවා සැලැස්ම සම්බන්ධයෙන්, විස්තරයක් ලබා දීම ප්‍රතික්ෂේප කළ ප්‍රධාන විධායක නිලධාරී පාර්ක් පැවසුවේ එය Jungkook සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.
source: https://n.news.naver.com/article/469/0000705594?sid=103
Comments are closed