BTS කණ්ඩායම Disband වෙනවාද?
BTS කණ්ඩායමේ විරාමය ගැන නිවැරදි සහ නිල වශයෙන් නිකුත් කල තොරතුරු
ජූනි මස 14 වන දින නිකුත් කල 2022 FESTA Bangtan Dinner වීඩියෝව හරහා BTS කණ්ඩායම තාවකාලික විරාමයක් ලබා ගන්නා බව පවසා සිටියා.
ඒ වීඩියෝව අතරතුර කණ්ඩායමේ සාමාජික මින් යූන්ගි (SUGA) මෙලෙස පැවැසුවා.
“We are going into a hiatus now” (ඉංග්‍රීසි උපසිරැසි දක්වලා තිබුණේ ඒ ආකාරයට.)

යූන්ගි ගේ ඒ ආරම්භයත් එක්ක කණ්ඩායමේ සාමාජිකයින් ඔවුන්ගේ ඉදිරි අරමුණු පැහැදිලි කළා. නමුත් එහිදී කතා වූ සම්පූර්ණ සාකච්ඡාවට වඩා Hiatus වචනයට පමණක් අවධානය යොමු කිරීම නිසා බොහෝ රසිකයින් කලබලයට පත්වුණා. ඒ වගේම විවිධ මාධ්‍ය ඒ කොටස පාදක කරගෙන BTS කණ්ඩායම විසිරී යන බව ප්‍රකාශයට පත් කළා.
සංගීත ක්ෂ්‍ත්‍රෙය තුල Hiatus කියන යෙදුම බොහෝවිට යොදාගන්නේ දින නියමයක් නැතුව සියළු කටයුතු නවතා දැමීමටයි. නමුත් ඉංග්‍රීසි උපසිරැසි වල දක්වා තිබුණ hiatus කියන වචනය පරිවර්තන දෝෂයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ අවස්ථාවේ යූන්ගි කොරියානු භාෂාවෙන් කියන්නේ off period කියන එකයි.
“We have entered our off period”
අපි අපේ නිවාඩු කාලය (කාර්යබහුල දින චර්යාවෙන් ඈත් වෙලා ඉන්න කාලය) පටන් අරගෙන තියෙන්නේ
යුන්ගී පැහැදිලි කරපු ආකාරයට මේ අවුරුද්දේ වෙන අවුරුදු වලට සාපේක්ෂව FESTA වෙනුවෙන් ඉදිරිපත් කල දේවල් අඩු වුණේ කණ්ඩායම විවේක කාලය දැනටමත් ආරම්භ කර තිබෙන නිසයි.
මේ දීර්ඝ විවේක කාලය ගැන Bighit ආයතනය නිල වශයෙන් නිවේදනය කලේ 2021 වසරේ දෙසැම්බර් මාසයේ.

BigHit Weverse / Twitter Announcement – 06, December 2021
පරිවර්තනය:
“ආයුබෝවන්. මේ BIGHIT Music. BTS Permission To Dance On Stage- LA සහ 2021 Jingle Ball Tour යන නිල කාලසටහන්ගත ඉසව් සම්පූර්ණ කිරීමෙන් පසු 2019 වසරේ ලබාගත් පළමු නිල විවේක කාලයෙන් පසු දෙවන නිල දිගු විවේකයක් ගැනීමට BTS සැලසුම් කරමින් සිටින බව අපි ඔබට දන්වා සිටීමට කැමැත්තෙමු. Covid-19 තත්ත්වය මධ්‍යයේ 2020 සහ 2021 දී රසිකයින් සමඟ සම්බන්ධ වීමට BTS ක්‍රියාකාරීව කටයුතු කල අතර, ඔවුන් ඒ කාලය තුල ගෝලීය කලාකරුවන් ලෙස තමන්ගේ තත්වය තහවුරු කර ගනිමින් විශ්මයජනක ප්‍රතිඵල අත්කර ගත්තේය.
තම ක්‍රියාකාරකම් සඳහා වෙහෙස නොබලා කැපවී කටයුතු කල BTS සාමාජිකයින්ට නැවත ප්‍රබෝධයක් ලබා ගැනීමට සහ නිර්මාණාත්මක ශක්තියෙන් නැවත ශක්තිමත් වීමට මෙම විවේක කාලය අවස්ථාවක් ලබා දෙනු ඇත. ඔවුන්ගේ මංගල ඉදිරිපත්කිරීමෙන් (debut) පසු ඔවුන් තම පවුලේ අය සමඟ නිවාඩු කාලය ගත කරන පළමු අවස්ථාව ද මෙය වනු ඇත. ඔවුන්ගේ විවේක කාලය තුළ කෙටි කලකට හෝ තමන් ගැන පමණක් අවධානය යොමු කරමින් සාමාන්‍ය (පුද්ගලයෙකු ලෙස) සහ නිදහස්, එදිනෙදා ජීවිතය භුක්ති විඳීමට ඔවුන්ට දැනෙන අවශ්‍යතාවය ගැන ඔබගේ සැලකිල්ලෙන් සිතා බලන ලෙස (t/n: ඔවුන්ගේ විවේක කාලය තුල ඔවුන්ට අවශ්‍ය පෞද්ගලිකත්වය ලබාදෙන මෙන්) අපි නැවත වරක් කාරුණිකව ඉල්ලා සිටිමු.
ඒ අතර ඔවුන් BTS ප්‍රසංගයක් සඳහා සූදානම් වීම සහ ‘නව පරිච්ඡේදයක’ ආරම්භය සනිටුහන් කරන නව ඇල්බමය නිකුත් කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත. ඔවුන් මේ එළඹෙන (2022) මාර්තු මාසයේදී ප්‍රසංගයක් සඳහා සූදානම් වෙමින් සිටින්නේ සෝල් හි සිටින රසිකයින් සමඟ පුද්ගලිකව සම්බන්ධ වීමට සහ සන්නිවේදනය කිරීමටයි. BTS සඳහා දිගටම ඔල්වරසන් දෙන සියලුම රසිකයින්ට අපගේ කෘතඥතාව පුද කිරීමට අපි කැමති අතර, ඔවුන්ට ලැබෙන රසිකයින්ගේ සියලු ආදරය නැවතත් පෙරලා රසිකයින්ට ලබා දීමට, ඔවුන් නැවත නිර්මාණාත්මක ශක්තියෙන් ශක්තිමත් වීමෙන් පසු ඔවුන්ගේ හොඳම, සෞඛ්‍ය සම්පන්න ස්වරූපයෙන් නැවත පැමිණෙනු ඇත. ඔබට ස්තුතියි.”
විවේක කාලය කොයි තරම් කාලයකට ද කියලා සඳහන් කලේ නැති වුණත් ඒ කාලය අවසානයේ BTS කණ්ඩායම නැවතත් දැනටත් වඩා ශක්තිමත්ව නැවත පැමිණෙන බව නම්ජූන් ඇතුළු සාමාජිකයින් 2022 FESTA Bangtan Dinner වීඩියෝවේදී සඳහන් කළා.
මේ ගැන තවත් පැහැදිලි කරමින් 2022 ජූනි මස 14 වන දින 2022 FESTA Bangtan Dinner වීඩියෝව අවසන් වී පැය කිහිපයකට පසුව Bighit ආයතනය නිවේදනයක් නිකුත් කළා.
AP News මාධ්‍ය ආයතනයට ලබා දුන් නිවේදනය:
“BTS are not taking a hiatus. Members will be focusing more on solo projects at this time,”
““BTS විරාමයක් ගන්නේ නැත. සාමාජිකයින් මේ අවස්ථාවේ තනි ව්‍යාපෘති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇත.”
source
LA Times මාධ්‍ය ආයතනයට ලබා දුන් නිවේදනය:
“To be clear, they are not on hiatus but will take time to explore some solo projects at this time and remain active in various different formats,”
“පැහැදිලිව කිවහොත්, ඔවුන් විරාමයක් නොගන්නා නමුත් මේ අවස්ථාවේ දී ඔවුන්ගේ සමහර ඒකල ව්‍යාපෘති ගවේෂණය කිරීමට සහ වෙනත් ආකාර වලින් ක්‍රියාකාරීව කාලය ගත කරනු ඇත”
නමුත් අසම්පූර්ණ සහ වැරදි ප්‍රචාර හුවමාරු වීමට පටන් ගැනීම නිසා BTS කණ්ඩායමේ සාමාජිකයින් ද නැවත වරක් මේ ගැන පැහැදිලි කිරීමක් නිකුත් කළා.
20220614 Weverse BTS V පල කල පණිවිඩයේ පරිවර්තනය:
අපි ඉන්නේ සතුටෙන්. අප හත්දෙනාට විවිධ රුචි අරුචිකම්, විවිධ පෞරුෂයන් තියෙන්න පුළුවන්. අපි අපේ ජීවිතය ගත කරන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඒත් අපි අපේ ARMY ගැන හිතන්නේ එකම හදවතකින් නිසා, අපි හිතුවා Run! BTS දිගටම කරගෙන යන්න. පසුගිය අවුරුදු දහය තුළ, අපෙන් අපේක්ෂා කරන දේවල් දිහා බලන එක නතර කළේ නැහැ. අපි බය වෙලා හිටියේ. අපි එක එක්කෙනා අපේ “මම” කැප කළා “අපි” වෙනුවෙන්, අපේ කණ්ඩායම වෙනුවෙන්. ඒ හැම මොහොතක්ම සතුටෙන් ගත කළා වුණත්, සැකයක් නැතුවම අපි ගොඩක් වෙහෙසට පත් වුණා සහ දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නා. දැන්, මේ ආරම්භය විතරයි. අපිට ගොඩක් කාලයක් “Bangtan” විදිහට එකට ඉන්න පුළුවන් බව සහතික කරන්න අපි ගන්න පළමු පියවරයි මේ. අපි එකිනෙකාට ආවේණික විදිහට අපි වර්ධනය වෙනවා දකින්න අපේ ARMY කැමති වන බවට මට සැකයක් නැහැ. ARMY සහ Bangtan කියන්නේ ආත්ම දෙකක් එකට සම්බන්ධ කරන දෛවයේ (රතු නූල) දම් පාට නූල වගේ කවදාවත් කැඩෙන්නේ නැති ශක්තිමත් බැඳීමක්.. (අපි) ඉදිරියට යද්දී, ඔයාලා හැමෝම අපි එක්ක එකතු වෙලා පාට මැකිලා යන්නේ නැතුව අපේ බැඳීම තවත් ගැඹුරු වෙන හැටි සහ ශක්තිමත් වෙන හැටි දිගටම බලාගෙන ඉඳීවි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි ARMYලට ගොඩක් ආදරෙයි.
BTS V

20220615 Jungkook Vlive
අපි (අපේ කණ්ඩායම) විසුරුවා හරින්නේ (disband වෙන්නේ) නැහැ! අපි විරාමයකට යන්නේ නැහැ! අපි run bts රූගත කරන්නම්. අපි එකම ස්ථානයක නිශ්චලව ඉන්න බවක්, වෙහෙසක් දැණුනා. සාමාජිකයින්ට, අපි හැම කෙනෙකුටම දැනුණා, (මම හිතන්නේ ඔයාලටත් එසේමයි) ඒ නිසා නැවතත් ශක්තිය ලබා ගැනීමට මේ කාලය සුදුසු බව අපි තීරණය කළා.
BTS Jungkook
source: vlive
20220615 RM නම්ජූන් Weverse හරහා තැබූ සටහනේ සිංහල පරිවර්තනය
https://ceylonbangtan.com/bts-news-updates/20220615-rm/

2022 FESTA Bangtan Dinner හීදී සාමාජිකයින් පළ කල අදහස් වල සාරාංශයක්:
- Map of The Soul ප්‍රසංගයෙන් පස්සේ කණ්ඩායමක් වශයෙන් විවේකයක් ගැනීමට සැළසුම් කර තිබුණත් කොවිඩ් නිසා ඒ සියල්ල අඩපණ වුණා. ඒ විවේකය දැන් ලබා ගන්නා අතරතුර ඒ කාලයේ තමන්ගේ පෞද්ගලික සංගීත ශෛලීන්, වෙනත් දක්ෂතා වලට මුල් තැනක් ලබා දීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ විවේක කාලය ඔවුන්ගේ ස්වයං-වර්ධනයට, ඔවුන්ට දැඩි ලෙස අවශ්‍ය වී තිබෙන විවේකය ලබා ගැනීමට යොදා ගනීවි.
- මීට පෙර mixtapes ලෙස නිකුත් කිරීමට බලාපොරොත්තු වුණු ගීත එක් එක් සාමාජිකයාගේ තනි ඇල්බම් එකක් විදිහට නිකුත් කිරීමට සියල්ල සූදානම් කර තිබෙනවා.
- Run BTS වැඩසටහන නැවතත් ආරම්භ කිරීමට සූදානම් කර තිබෙනවා.
- විවේකයෙන් පසුව නැවතත් කණ්ඩායමක් ලෙස සුපුරුදු පරිදි ප්‍රසංග ඇතුළු කටයුත් ආරම්භ කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.
- තනි ඇල්බම් අතරින් මුලින්ම නිකුත් කිරීමට සූදානම් කර තිබෙන්නේ j-hope ගේ ඇල්බම් එකයි. ඒ වගේම SUGA සහ ඉන් පසුව JK ඇතුළු සාමාජිකයින් තමන්ගේ ඇල්බම් නිකුත් කිරීමට නියමිතයි.
දැනට සාමාජිකයින්ගේ ඉදිරි වැඩසටහන් ගැන නිකුත් වී තිබෙන නිවේදන
ජන්ග්කුක් සහ චාලි ගායනා කරන Left and Right ගීතය ජූනි 24 නිකුත් වීමට නියමිතයි.
V ජූලි මාසයේ ඔහුගේ යහළුවන් වන Park Seojoon, Choi Woosik, Park Hyungsik සහ PeakBoy සමඟ HYBE ආයතය නිෂ්පාදනය කරන “In The SOOP: Friendship Trip” වැඩසටහනට එක් වීමට නියමිතයි. (source)
ඒ වගේම ලෝකයේ සංගීත සැණකෙලි අතර විශාලතම සහ විශිෂ්ටතම සැණකෙලියක් වන Lollapalooza සඳහා අවසාන දිනයේ ප්‍රධාන ගායකයා වශයෙන් සහභාගී වීමට j-hope ට ආරාධනා ලැබී තිබෙනවා. මෙය පැවැත්වෙන්නේ ඇමෙරිකාවේ චිකාගෝ නුවරයි. (Source)
ජූලි මාසයේ මැද භාගයේ j-hope ගේ අළුත්ම ඇල්බම් එක නිකුත් කිරීමට සියල්ල සූදානම්. (source)
මේ වසරේ ඔක්තොම්බර් මාසයේ FIFA කුසලානයට සමගාමීව පැවැත්වෙන සැමරුම් උත්සව අතරට BTS ප්‍රසංගයක් ඇතුලත් විය හැකි බව සඳහන් කර තිබෙනවා.
Comments are closed