The BTS ARMY Census

The BTS ARMY Census

BTS army census

මොකක්ද මේ ARMY සංගණනය කියන්නේ?

ලෝකය පුරා විසිරී සිටින විවිධ මට්ටම් වල BTS රසිකයින්ගේ විවිධත්වය තේරුම් ගැනීම සඳහා BTS ARMY විසින්ම මෙහෙය වනු ලබන සංගනණයක් ලෙස BTS ARMY සංගණනය හැඳින්විය හැකියි.

BTS fans

ARMY කියන්නේ කවුද?

BTS කණ්ඩායම වටා දකුණු කොරියාවෙන් එපිට වෙනත් රට වල රසිකයින් ද විශාල වශයෙන් එක් වීමත්, පසු කාලයක ලෝකයේ ඉහලම වෙළඳ සන්නාමයක් බවට පත් වීමටත්, ඔවුන්ගේ සමාජ ජාල හරහා වේදිකාවෙන් පිටුපස ඔවුන්ගේ එදිනෙදා සැබෑ ජිවිතය හා සිද්ධීන් රසිකයන් සමඟ බෙදාහදා ගැනීම හේතුවක් වුණා. ඔවුන්ට කණ්ඩායමේ නම සහ සංගීතය ලෝකය පුරා පැතිර වීමට මුදල් ගෙවා අලෙවිකරණ කටයුතු සිදු කිරීමෙන් ලබාගත හැකි වන සාර්ථකත්වයට වඩා ඉහළ සාර්ථකත්වයක් රසිකයන්ගෙන් (ARMY) සහයෝගය නිසා ලැබුණා.

Origin story of BTS BTS සංගීත කණ්ඩායමේ ආරම්භය

මිලියන 90 කට වඩා වැඩි BTS රසිකයන් (ARMY) රටවල් 100+ ක පැතිරී සිටින, වයස අවු. 10 – 80 ත් අතර වයස් කාණ්ඩ වල පසුවන, භාෂා 46+ කතා කරන, ලෝකයේ බලවත් ම රසික කණ්ඩායම ලෙස හඳුන්වනවා. 

BTS රසික සංසඳය හඳුන්වන නම තමයි, A.R.M.Y

  • “Adorable Representative MC (Master of Ceremonies) for Youth”
    ~ තාරුණ්‍යය වෙනුවෙන් පෙනී සිටින ආදරණීය, (වැඩසටහන්) මෙහෙයවන්නා

BTS ARMY Census හරහා සිදු කරන්නේ BTS ARMY රසිකයින්ගේ වයස් කාණ්ඩයන්, ඔවුන්ගේ රටවල් සහ අධ්‍යාපන මට්ටම් පිළීබඳ යම් තාක් දුරට අවබෝධයක් ලබා දීම සඳහා ජන සංඛ්‍යාන තොරතුරු රැස් කිරීමයි.

ඇත්තෙන්ම BTS ARMY කියන්නේ කවුද? ඒ මොන වගේ කණ්ඩායමක් ද යන්න පිළිබඳව දත්ත ඇතුලත් පැහැදිලි විශ්ලේෂණයක් ලබා දීමෙන් BTS ARMY ගැන තිබෙන වැරදි වැටහීම් දුරු කිරීමට මෙම සංගණනය උපකාරී වනු ඇති.

මෙම ව්‍යාපෘතිය මුලින්ම ආරම්භ වූයේ 2020 වර්ෂයේදීයි. ඒ වන තෙක් රසික කණ්ඩායමක් පිළිබඳව සිදු කල විශාලතම සංගණනය එය වුණා. ලෝකය පුරා BTS ARMY රසිකයින් 400000+ පමණ ඒ සංගණනයට එක් වූ අතර රසික විවධත්වය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට ඒ තුළින් අවකාශය සැලසුණා.

ඒ සංගණනයේ ප්‍රතිඵල අනුව සෑම BTS ARMY දහ දෙනෙකුගෙන් එක් අයෙකුට කුමන ආකාරයක හෝ උපාධියක් තිබෙන බවත්, සෑම BTS ARMY විසි දෙනෙකුගෙන් එක් අයෙකුට දරුවන් සිටින බවත්, 49% BTS ARMY වයස අවුරුදු 18 ට වඩා වැඩි බවත් තහවුරු වුණා.

image credit: btsarmycensus.com

2022 වර්ෂයේ මේ සංගණනය නැවත කරන්නේ පෙරටත් වඩා විශාල පරිමාණයෙන්. ඒ අනුව මේ සංගණනය විවිධ භාෂා 20 කට අධික ප්‍රමාණයකට පරිවර්තනය වන අතර සිංහල භාෂාව ද ඒ අතරට ඇතුලත්.

මෙවර සංගණනයේදි ශ්‍රී ලංකාවේ BTS ARMY ගැන නිවැරදි තොරතුරු ලබාදීම සඳහා මේ සංගණනය ගැන විස්තර සියළුම ශ්‍රී ලාංකික BTS ARMY අතර බෙදා හරින්න. අපේ රටේ ‌BTS කණ්ඩායමේ ජනප්‍රියත්වය සහ BTS ARMY විවිධත්වය පිළිඹිඹු කිරීමට මෙය අපට කදිම අවස්ථාවක්.

https://www.btsarmycensus.com/ වෙබ් අඩවියට ගොස් ඉංග්‍රිසි භාෂාවෙන් හෝ සිංහල භාෂාවෙන් ෆෝම් එක පුරවන්න.

සිංහල භාෂාවෙන් පිරවීමට කැමති නම් මෙතනින් යන්න.

Image and data credit: BTS ARMY Census Official Website