BTS will be holding a concert in Busan this October!
2030 දී World Expo සත්කාරකත්වය දිනා ගැනීම සඳහා බූසාන් (Busan) නගරය විසින් ඉදිරිපත් කර තිබෙන ලංසුවට පූර්ණ සහාය දීමට BTS නිල වශයෙන් එකඟ වී ඇත. ඒ අනුව 2022 ඔක්තෝම්බර් මාසයේ බූසාන් නගරයේදී විශාල පරිමාණයේ BTS ප්‍රසංගයක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
වර්ල්ඩ් එක්ස්පෝ (World Expo) යනු ලෝක කුසලානය සහ ඔලිම්පික් උළෙල වැනි විශාලතම ජාත්‍යන්තර උත්සවයකි. 1851 දී ආරම්භ කරන ලද ගෝලීය උත්සවයක් වන අතර එය රටවල් අතර සම්බන්ධතා ශක්තිමත් කරන කාර්මික තාක්ෂණික සහ සංස්කෘතික සංවර්ධනය යන තේමාව යටතේ එය සංවිධානය කෙරේ.
දැනට ලෝක කුසලානය සහ ඔලිම්පික් වැනි ගෝලීය මට්ටමේ විශාල උළෙලවල් සඳහා සත්කාරකත්වය දරා ඇති දකුණු කොරියාවට වර්ල්ඩ් එක්ස්පෝ සත්කාරකත්වය හිමි වුවහොත් මට්ටමේ විශාල උළෙලවල් 3 ක් පැවැත්වූ රටක් බවට දකුණු කොරියාව පත් වනු ඇත. World Expo ප්‍රදර්ශනයක් පැවැත්වීම හරහා වොන් ට්‍රිලියන 61 (US$ බිලියන 49.1) ක් වටිනා ආර්ථික බලපෑම් රටට හිමි කර ගත හැකි බවට කොරියානු රජය ඇස්තමේන්තු කර තිබේ.
2030 World Expo සත්කාරක රට බවට පත් වීමට දකුණු කොරියාව, ඉතාලිය සහ සවුදි අරාබිය වැනි තවත් රටවල් සමග තරඟ වදින අතර අවසාන ජයග්‍රාහකයා 2023 නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වේ. ඒ අනුව ඒ සත්කාරකත්වය දකුණු කොරියාවට හිමි කර දීමට පූර්ණ සහය ලබා දීමට BTS කටයුතු කරනු ඇත. ඒ වෙනුවෙන් ඔක්තෝම්බර් මාසයේ සංවිධානය කර තිබෙන ප්‍රසංගයට අමතරව තවත් වැඩසටහන් සංවිධානය කරන බවත් මේ වෙනුවෙන් සහයෝගය ලබා දීමට හැකි වීම තම කණ්ඩායමට ගෞරවයක් බවත් BTS සාමාජිකයින් පවසන ලදී.
HYBE ආයතනය බූසාන් නගරය සමඟ අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කර ඇති අතර අවබෝධතා ගිවිසුම යටතේ BTS කණ්ඩායම බූසාන් නගරය වෙනුවෙන් මහජන සම්බන්ධතා තානාපතිවරයෙකු ලෙස කටයුතු කරනු ඇති අතර ලංසුව දිනා ගැනීමට නගරයට සහයෝගය දැක්වීම සඳහා බුසාන් හි ගෝලීය ප්‍රසංගය පැවැත්වීමට කටයුතු කර තිබේ.
එසේම, ලබන වසරේ පැවැත්වීමට නියමිත සත්කාරක නගර ස්ථානීය පරීක්‍ෂණවලදී, World Expo සංවිධායකත්වය දරණ BIE නිලධාරීන්ට මග පෙන්වීමට සහ මහ සභා රැස්වීම ඇමතීමටත් BTS කටයුතු කරනු ඇත. එමෙන්ම සමාජ මාධ්‍ය හරහා බුසාන් වෙනුවෙන් ප්‍රවර්ධන ක්‍රියාකාරකම් වලට එක් වීමත් BTS කණ්ඩායමේ කාර්යයන් ලැයිස්තුවට ඇතුළත් වේ.
මේ වැඩසටහනට අනුබද්ධව කොරියාවේ සංචාරක ආකර්ෂණ හැකියාව සහ World Expo වෙළඳ ප්‍රදර්ශණය වැනි විශාල උත්සවයක් ඒ රටට සංවිධානය කල හැකි බව පෙන්වීමට උදාහරණයක් වශයෙන් BTS ප්‍රසංගයක් සංවිධානය කර ඇත. එය ඹක්තෝම්බර් මස 15 වන දින බූසාන් හිදී සංවිධානය කර තිබන අතර ලක්ෂයකට අධික දේශීය විදේශීය සංචාරකයින් ප්‍රමාණයක් පැමිණෙනු ඇතැයි අනුමාන කර තිබේ. එය ලොව පුරා සජීවීව නොමිලේ ප්‍රදර්ශනය කිරීම කිරීමට ද තීරණය කර තිබෙන අතර මේ ප්‍රසංගයේ සාර්ථකත්වය, වර්ල්ඩ් එක්ස්පෝ (World Expo) සත්කාරකත්වය දිනා ගැනීමට දකුණු කොරියාවේ තිබෙන හැකියාව තීරණය කරන තීරණාත්මක සාධකයක් වේ.
“බුසාන් හි වර්ල්ඩ් එක්ස්පෝ (World Expo) පැවැත්වීම රටට ඉතා වැදගත් බව මම හොඳින් දනිමි, BTS සමඟින් උත්සවය පැවැත්වීම සඳහා නගරයට උදව් කිරීමට මම මගේ උපරිමය කරන්නෙමි.”” බුසාන් නගර ශාලාවේ පැවති අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවයේදී Hybe හි ප්‍රධාන විධායක නිලධාරී Bang Si-hyuk පවසන ලදී.
BTS ප්‍රසංගය නොමිලේ බලන්න | BTS <Yet To Come> In BUSAN – Weverse LIVE:
මූලාශ්‍රය: YONHAP NEWS, SK