20220615 RM නම්ජූන් Weverse හරහා තැබූ සටහන

bts rm

අපගේ මංගල දර්ශනය (debut) දවසින් පස්සේ මට වැඩිපුරම පණිවිඩ ලැබුණේ ඊයේ. ඒ අපේ වීඩියෝ එක විකාශය වුණාට පස්සේ.

මම දැක්ක ගොඩක් ලිපි, ස්ක්‍රීන්ෂොට් වගේ දේවල් වල ප්‍රකෝපකාරී සහ අර්ධ වශයෙන් අර්ථකථනය කල “disbandment,” “hiatus,” “big announcement,” වගේ වචන පාවිච්චි කරලා තිබුණා. අපි එහෙම වෙයි කියලා හිතුවේ නෑ වත් ඒ වගේම ඒ වගේ දේවල් වලට සූදානම් වෙලා හිටියේ නෑ වත් නෙමෙයි. ඒ වුණාට ඒ දේවල් ගැන මට යහපත් හැඟීමක් නැහැ කියන එක ප්‍රතික්ෂේප කරන්න බැහැ.  පුද්ගලයෝ (ඒ දේවල් පල කරන අය) අපි අඬමින් අපේ හදවත් වල තියෙන දේවල් කියපු ඒ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම අවසානය වෙනකම් බලයි කියලා අපි බලාපොරොත්තු වුණේ නැහැ. 

(ඒත්) ඒ නමේ තිබුණ ආකාරයටම වීඩියෝ එක අපේ මංගල දර්ශනයේ නව වන සංවත්සරය සැමරීම සඳහා අපිත් එක්ක එකතු වුණ අපේ ARMY වෙනුවෙන්ම පමණක් වෙන් වූ පෞද්ගලික “BTS කණ්ඩායම් රාත්‍රී භෝජන සංග්‍රහයක්”. 

මට තේරෙනවා, පිටස්තර අය “හරිම නාට්‍යාකාරයි”, “අනේ ඒ අය එහෙම කියන්නේ දැන් සාර්ථක වෙලා ඉන්න නිසා විතරයි..” වගේ අදහස් දරන්න පුළුවන්, 

නමුත් ඒ වගේ අදහස්වලට මුහුණ නොදී, අවුරුදු 10කට ආසන්න කාලයක් මේ තරම් දුරට ආවේ මොන කලාකරුවන්ද, මොන රසිකයින්ද?

කිසිම විරාමයක් නැතුව අවුරුදු 10කට ආසන්න කාලයක් එකට ගත කල අපි, BTS සහ ARMY අතර පමණක් තිබිය යුතු විශේෂ දේවල් තිබිය යුතුමයි.

මේ අපිට දැනෙන හැඟීම ප්‍රශ්නයක් විදිහට, ගණන් කළ නොහැකි, සිය ගණනක් සම්මුඛ සාකච්ඡා වලදී අපෙන් අහලා තියෙනවා. ඒත් ඒක වචන කිහිපයකින් විස්තර කරන්න අපහසුයි. 

මොනවා වුණත්, වීඩියෝවේ අප බෙදාගත් දේවල් මේ කාලය පුරාවටම, අපෙන් එකම එක දෙයක්වත් නොඉල්ලා ඔවුන්ගේ හැමදේම අපිට දුන්න අපගේ සියලුම රසිකයින්ට ලබා දුන්න එක්තරා ආකාරයක පාපොච්චාරණයක් කියන්න පුළුවන්. 

ඒ වීඩියෝ එක බලපු ඔබ දන්නවා වගේ, “Yet To Come” කියන මාතෘකාවෙන් හරියටම අදහස් කරන්නේ මේ… “මේ මොහොත අවසානය නැහැ” කියන එකයි. හරියටම අපිට කියන්න අවශ්‍ය වුණේ එකම දේත් ඒක. 

මම අඬන අවස්ථා වල ස්ක්‍රීන්ෂොට් කිසිම පැහැදිලි කිරීමක් / පසුබිම් කතාවක් නැතුව හැමතැනම නැවත නැවත හුවමාරු වෙනවා දකිද්දී සමහරවිට මට නිහඬව ඉන්න තිබුණා කියලා මට හිතුණා. අවංකකම බෙදාහදා ගැනීමට මම ගත්ත උත්සාහය බොහෝ වැරදි වැටහීම් සහ අවුල් වියවුල්වලට මුල් වුණා කියලා මට දැන් පේනවා.

මට කියන්න අවශ්‍ය වුණ ප්‍රධාන කරුණ තමයි මේ;

අපි උත්සාහ කළේ අපි දෙවිදිහක් (තනි පුද්ගලයෙක් + කණ්ඩායමක්) කියන්නයි. ඒත් අපි කතා කලේ එක් එකක් (කණ්ඩායමක්) විදිහට. අපි අපේ හදවත් විවෘත කරලා, කඳුළු අතරින් ධෛර්යය අරන් ඒ දෙවිදිහ ගැන, ඔබට කියන්නයි උත්සාහ කලේ. ඒ වගේම ඒ දෙවිදිහට සම්බන්ධ ක්‍රියාවලිය ගැන අපට දැනුණු අවංක හැඟීම් ඔබත් එක්ක බෙදාගත්තා.

ඔයා අපිව දන්න අපේ ARMY කෙනෙක් නම් ඒ දේ තේරුම් ගැනීමට තරම් ඔබ ත්‍යාගශීලී වනු ඇතැයි, අපිව අවිශ්වාස නොකරනු ඇතැයි මම විශ්වාස කරනවා. අපි වීඩියෝ එකේ දී අවශ්‍ය හැමදේම කිව්වා.

ටේහ්යොන්ග් Weverse හරහා වගේම ජන්ග්කුක් Vlive හරහා දැනටමත් පැහැදිලි කලා වගේම අපි හැමදාම දීර්ඝ කාලීන BTS අනාගතය ගැන අපේ අදහස් විවෘතව ප්‍රකාශ කරලා තියෙනවා. අපි රණ්ඩු නොකරපු, අමනාප වෙලා නොහිටපු දවස් නොතිබුණත් අපේ මුල් තරුණ කාලේ (10s-20s) ඉඳන් මේ සමාජීයය ජීවිතයට හුරු වෙද්දී විවිධ අත්හදා බැලීම්, දෝෂ හරහා තමයි අපි වැඩිහිටියෙක් බවට පරිණත වෙන්නේ කියන එක මම විශ්වාස කරනවා. 

මේ පෝස්ට් එක ලිවීමත් තවත් අවුල් ජාලයකට මුල පුරයි දෝ බයක් දැනුණත් එහෙමත් නැත්නම් දැනට පත්තු වෙන ගින්නට පිදුරු දැම්මා වගේ කාර්යයක් වෙන්න ඉඩ තිබුණත් මේ සිද්ධියට අදාළව වැඩිපුරම කතා කල පුද්ගලයා විදහට මූලික කරුණු පැහැදිලි කිරීමට මට අවශ්‍ය වුණා. 

ඒ වීඩියෝ එක බලපු වගේම ලඟ හිටියත් දුර හිටියත් අපිට හොඳ සහයෝගයක් ලබා දුන්න, ආදරය සහ ශක්තිය ලබා දුන්න හැමෝටම ස්තූතියි. තව දුරටත් කණ්ඩායමක් වගේම තනි පුද්ගලයෙක් විදිහටත් මීට වඩා හොඳ පැත්තක් පෙන්වන්න දිගටම මහන්සි වෙලා වැඩ කරන්නම්. ස්තූතියි!

Translation: Eunjin Kim, Ceylon Bangtan

Comments are closed

Latest Comments

No comments to show.