2021 IFPI වසරේ හොඳම ගෝලීය කලාකරු BTS!

ඉතිහාසයේ පළවෙනි වතාවට අඛණ්ඩව වසර දෙකක ජය BTS කණ්ඩායමට

2020 වසරේදී මෙන්ම 2021 වසරේදීත් IFPI වසරේ හොඳම ගෝලීය කලාකරු සම්මානය දිනාගැනීමට BTS කණ්ඩායම සමත් වුණා. IFPI සම්මාන ඉතිහාසයේ පළමු වරටයි ඒ ආකාරයෙන් එක ලඟ වසර දෙකක ජය එකම කලාකරුවෙක්ට හිමිවුණේ

මොකක්ද මේ IFPI?

International Federation of the Phonographic Industry (IFPI)

ලෝකය පුරා රෙකොඩින් (සැටහුම්) කේෂ්ත්‍රයේ යහපත අරමුණු කරන සහ ඒ කර්මාන්තය නියෝජනය කරන IFPI සම්මේලනය ආරම්භ වුණේ 1933 වසරේ. ඔවුන් රටවල් 70 ක පමණ කලාකරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා. රෙකොඩින් කේෂ්ත්‍රයේ නීති සම්පාදනය කිරීම සහ බුද්ධිමය දේපල ප්‍රවර්ධනය කිරීම IFPI හි අරමුණයි.

IFPI විසින් වාර්ෂිකව ශ්‍රේණි ගත කිරීම් 3 ක් (Chart) ප්‍රකාශයට පත් කරනවා.

  • Global Artist
  • Global Top Digital Single
  • Global Top Album

2014 වසරේ ආරම්භ කල Global Artist ශ්‍රේණි ගත කිරීම ලෝකයේ පළමු නිවැරදිම ශ්‍රේණි ගත කිරීමයි. කලාකරුවෙක් නිකුත් කරන ගීතයක අවුරුද්දක් සැබෑ විකුණුම් වගේම අන්තර්ජාලය හරහා මුදල් ගෙවා හා stream ක්‍රමයට ඒ ගීතය රසවිඳින ලද ප්‍රමාණය නිවැරදිව ගණනය කිරීම IFPI විසින් සිදු කරනවා.

සෑම වසරක ලොකයේ ජනප්‍රියම, ඉහළම විකුණුම් හිමි කලාකරුවන් 10 දෙනෙක් තොරා ගන්නේ ඒ ශ්‍රේණිගත කිරීම හරහායි.

IFPI Top 10 Global Recording Artists Chart

2020 වසරේ ලොකයේ ජනප්‍රියම, ඉහළම විකුණුම් හිමි කලාකරුවා බවට BTS කණ්ඩායම පත් වීමත් සමඟ පළමු ස්ථානය දිනාගත් පළමු කොරියානු සංගීත කණ්ඩායම මෙන්ම ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවකින් ගායනා කර එම ස්ථානයට පත් වූ පළමු කලාකරුවා බවටත් BTS පත් වුණා. 2021 වසරේ ලෝකයේ ජනප්‍රියම, ඉහළම විකුණුම් හිමි කලාකරුවා බවට BTS පත්වීමත් සමඟ අඛණ්ඩව වසර දෙකක් එම ස්ථානය දිනාගත් පළමු කලාකරුවා වීමේ ගෞරවය BTS කණ්ඩායම හිමි කර ගත්තේ සංගීත ක්ෂේත්‍රයේ ඉතිහාස පොත් වලට එක් වෙමින්.

මීට පෙර වසර වල ජයග්‍රාහකයින්

2020 – BTS
2019 – Taylor Swift
2018 – Drake
2017 – Ed Sheeran
2016 – Drake
2015 – Adele
2014 – Taylor Swift
2013 – One Direction
(source: IFPI)

ඒ වෙනුවෙන් IFPI සම්මේලනය BTS කණ්ඩායමට නිකුත් කල සුභ පැතුම් පණිවිඩය 

පසුගිය වසර තුළ BTS කණ්ඩායමේ අතිවිශිෂ්ට සාර්ථකත්වය, ඔවුන්ගේ නිර්මාණශීලිත්වය, වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ ඔවුන්ගේ සංගීතය ලොවට ගෙන ඒමට මාර්ග සෙවීමට ගත් අඛණ්ඩව කැපවීම පිළිබඳ සාක්ෂියක්. භාෂා තුනකින් ගායනා කරමින්, ඔවුන්ගේ අසාමාන්‍ය ලෙස අද්විතීය වූ ගෝලීය ආකර්ෂණය ඔවුන් ප්‍රදර්ශනය කරන අතර ඔවුන්ගේ ගතික සහ උද්‍යෝගිමත් රසික පිරිස විසින් අඛණ්ඩව වසර දෙකක්ම ගෝලීය කලාකරුවන්ගේ ශ්‍රේණි ගත කිරීමේ පළමු ස්ථානය ගත් ඉතිහාසයේ පළමු කලාකරුවන් බවට පත් වීමට ඔවුන්ට උපකාරී වී තිබේ. අපි RM, Jin, SUGA, j-hope, Jimin, V සහ Jung Kook සහ ඔවුන්ගේ කණ්ඩායමේ වැඩ කරන සියලු දෙනාටම වසරේ Global Recording Artist of the Year සම්මානය දිනා ගැනීම වෙනුවෙන් සහ තවත් විශිෂ්ට සාර්ථකත්වයක් ලබන වසරකට සුභ පතමු.”

Frances Moore, Chief Executive, IFPI

IFPI Global Top 10 Album All-Format Chart

ඉහත ක්‍රමයටම වසරේ හොඳම ඇල්බමය සහ ගීතය ද තෝරා ගන්නවා.

2020 වසරේ ඒ සඳහා හොඳම ඇල්බමය බවට MOTS: 7 ඇල්බමය පත් වුණා. 2020 වසරේ Digital Single Chart හි පළමු 10 දෙනා අතරට BTS ඇල්බම් 3 ක් ම තේරී පත් වුණා.

  • BTS Map Of The Soul : 7 – 1 වන ස්ථානය
  • BTS BE (Deluxe Edition) – 2 වන ස්ථානය
  • BTS MAP OF THE SOUL : 7 ~ THE JOURNEY ~ – 8 වන ස්ථානය

IFPI Official Page

Naver Update


No responses yet

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest Comments

No comments to show.