
වැරදි පාරවල් දහසක් මඟ හැර හරි පාරේ යන සුපිරි තරුව ජන්ග් කුක්
පුංචි කාලේම ජනප්‍රියත්වය, ධනය සහ ප්‍රසිද්ධිය ළඟා කර ගන්නා ළමා කලාකරුවන් එමටයි. රංගනයෙන්, ගායනයෙන්, නර්තනයෙන්, වැනි විවිධ දක්ෂතා නිසා ඉදිරියට පැමිණෙන, රසික ආදරය නොඅඩුව ලැබෙන, ළමා කලාකරුවන් බොහෝ දෙනෙක්ට කුඩා වයසේදීම ධනය, ප්‍රසිද්ධිය වැනි දේවල් තමන්ගේ ජීවිතයට ළං කර ගැනීමට වාසනාව හිමි වෙනවා. නමුත් ඒ අතරින් අතලොස්සක් පමණයි ඒ වාසනාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ. බොහෝ ළමා කලාකරුවන්ට තමන්ගේ රැකියාවේ සාර්ථකත්වය ඒ ආකාරයෙන්ම ජීවිතයේ ඉදිරි කාලයටත් පවත්වා ගැනීමට නොහැකි වෙනවා. තවත් යම් පිරිසක් ළමා කාලයේම ලැබෙන ධනය සහ ප්‍රසිද්ධිය නිසා වැරදි පාරවල් වලට හැරිලා ජීවිතය වරද්ද ගන්නවා.
BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන ජන්ග් කුක් (JK) පුංචි කාලේම ජනප්‍රියත්වය, ධනය සහ ප්‍රසිද්ධිය ළඟා කර ගත් කලාකරුවන්ගෙන් කෙනෙක්. කොරියානු සංගීත කේෂ්ත්‍රයේ මෙන්ම ගෝලීය සංගීත කේෂ්ත්‍රයේ ද අතිශය ජනප්‍රියත්වයට පත් වූ BTS සාමාජික ජන්ග් කුක් (JK) ධනය සහ ප්‍රසිද්ධිය නිසා වැරදි පාරවල් වලට හැරිලා ජීවිතය වරද්ද ගන්න බොහෝ ළමා/තරුණ කලාකරුවන් අතරින් හරි පාරේ ගිහින් පෞද්ගලික මෙන්ම වෘත්තීය ජීවිතයත් ජයගත් ආදර්ශමත් චරිතයක්!
ජන්ග් කුක්, BTS කණ්ඩායමේ Main Vocalist (ප්‍රධාන ගායකයා), Sub Rapper (උප රැප් ගායකයා), Lead Dancer (පෙරටු නර්තන ශිල්පියා), සහ Center (කණ්ඩායමේ කේන්ද්‍ර ලක්ෂය) යන තනතුරු හොබවනවා. එමෙන්ම ඔහු වෘත්තීය ගීත රචකයෙක්, සංගීත නිෂ්පාදකවරයෙක් සහ කැමරා අධ්‍යක්ෂකවරයෙක්.
මේ ජන්ග්කුක්ගේ වෘත්තීය ජීවිතයේ ආරම්භය, ජයග්‍රහණ හා මෙතෙක් ආ ගමන ගැන කෙටි විස්තරයක්!
කලා ජීවිතයේ අඩිතාලම සහ BTS කණ්ඩායමට එක්වීම
1997 වසරේ සැප්තැම්බර් මස පළමු වන දින දකුණු කොරියාවේ බූසාන් ප්‍රදේශයේ උපත ලබන 전정국 (ජොන් ජොන්ගුක්)** (Jeon Jeong-guk) කුඩා කලම ගායනයට යොමු වන්නේ රූපවාහිනියේ G-Dragon නම් ගායකයා ඉදිරිපත් කල “Heartbreaker” ගායනය නිසයි.
ජන් ජන්ග්කුක් යනු බහුලව භාවිතා වන බටහිර උච්චාරණය වන අතර නිවැරදි කොරියානු උච්චාරණය වන්නේ ජොන් ජොන්ගුක් යන්නයි. ජියොන් ජියොන්ග්ගුක් සහ ජියොන් ජන්ග්කුක් යන උච්චාරණ ද බහුලව භාවිතා වේ.

ජන්ග්ගුක් BTS කණ්ඩායමට එක් වීමත් සමඟ ඔහුගේ නිල වේදිකා නාමය ලෙස Jung Kook (ජන්ග් කුක්) නම භාවිතා කරනවා. ඒ හැරුණු විට තවත් නම් කිහිපයක් ම ඔහුගේ වේදිකා නාමයන් ලෙසත්, කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් සහ රසිකයන් ඔහුව ඇමතීමටත් භාවිතා කරනවා.
Jungkookie, Kookie, Kook, JK, Golden Maknae, Justin Seagull, Jeon Seagull, Jungoo, Kangaroo, Jay Kay සහ Bunny
නිල වේදිකා නාමය ලෙස “ජන්ග් කුක්” තෝරා ගැනීමට පෙර සීගල් (Seagull) යන නම ඔහු විසින් යෝජනා කර තිබුණු අතර ඊට හේතුව වූයේ ඔහුගේ උපන් පලාත වන බූසාන් නගරයේ නිල පක්ෂියා සීගල් නම් වූ මුහුදු කුරුල්ලෙක් වීමයි.
ජන්ග් කුක් BTS කණ්ඩායමට එකතු වෙන්නේ වයස අවුරුදු 15 දී (කොරියානු වයස අවු.15 / අන්තර්ජාතික වයස අවු.13). ඊට පෙර බුසාන් පළාතේ Superstar K නම් වූ සුපිරි තරු වැඩසටහනට සහභාගී වුනත් ඒ සඳහා සුදුසුකම් ඔහු ලබන්නේ නැහැ. ඒත් ඒ වැඩසටහනේදී ඔහුගේ හැකියාව දුටු එරට ප්‍රධාන පෙළේ කුසලතා කළමනාකරණ ආයතන 7 ක්ම කුඩා ජන්ග් කුක්ට තමන්ගේ ආයතනයන්ට බැඳෙන්න ආරාධනා කරනවා.
නමුත් පසු කාලයක ඔහුගේ කණ්ඩායමේ නායකයා බවට පත් වන කිම් නම්ජූන් (එකල Runch Randa නම් වූ) නම් වූ රැප් ගායකයාගේ දක්ෂතා දැකලා පැහැදෙන පුංචි ජන්ග් කුක්, කිම් නම්ජූන් නියෝජනය කරන Big Hit ආයතනයම තමන්ගේ සංගීත පුහුණුවට සඳහාත් තෝරා ගන්නවා. ඒ 2011 වසරේ දී.
පුහුණුවීම් සඳහා සෝල් නුවරට පැමිණෙන ජන්ග් කුක් සෝල් නගරයට ඇවිත් තවත් පුහුණුකරුවන් සමඟ සංගීත පුහුණුවීම් වල යෙදෙන අතර 2012 වසරේ ඇමෙරිකාවට ගොස් නර්තනය පිළිබඳ වැඩිදුර හදාරනවා. ඇමෙරිකාවේ දී නර්තන පුහුණුවීම් අවසන් කර නැවත මව් රටට යන ජන්ග් කුක් ගායකයෙක් වීම පසෙකලා පසුබිම් නර්තන ශිල්පියෙක් ලෙස තම පුහුණුවීම් දිගටම කරගෙන යාමට තීරණය කළත්, පසු කලෙක ඔහුගේ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් බවට පත් වන, එවකට ඔහු සමඟ Big Hit ආයතනයේ පුහුණුවීම් ලබමින් සිටි පාර්ක් ජි-මින්ගේ උපදෙස් මත සංගීත පුහුණුවීම් නතර නොකර දිගටම කරගෙන යාමට ඔහු තීරණය කරනවා.
Big Hit ආයතනයේ පුහුණුවීම් ලබමින් සිටි පුහුණුකරුවන් 30 කින් පමණ අවසන් හත් දෙනා අතරට සුදුසුකම් ලබන ජන්ග් කුක්, 2013 වසරේ ජූනි මාසයේ 13 වන දින නිල වශයෙන් ආරම්භ වූ bts සංගීත කණ්ඩායමේ ප්‍රමුඛ ගායක ලෙස තම සංගීත ජීවිතය ආරම්භ කරනවා.
එකම නිවසක ජීවත් වෙමින්, පාසලේ ඉගෙනුම් කටයුතු අතරේ දිනපතා පුහුණුවීම් කරමින් තමන්ගේ සංගීත කණ්ඩායමේ සාර්ථකත්වය වෙනුවෙන් ඔවුන් මහන්සි වෙනවා. කවදාවත් වෙන කෙනෙක් පාගලා ඉස්සරහට යන්න හදන්නේ නැති, හැමවෙලාවකම තමන්ගේ සාමාජිකයන්ට මුල්තැන දෙන මේ හත් දෙනා ප්‍රසංශා, ඔල්වරසන් වගේම වගේම ගර්ජන, නින්දා අපහාස වලටත් එකට මුහුණ දෙනවා. BTS කණ්ඩායමේ සාර්ථකත්වයට දැඩි රුකුලක් වුණ සාමාජිකයන් අතර තිබෙන සමීප මිතුදම, සහෝදරත්වය හා අවබෝධය ගොඩ නැගෙන්නේ මේ කාලයේ. හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ බාලයා වූ පුංචි ජන්ග්කුක්ට ඔහුගේ දෙමව්පියන් සහ වැඩිමහල් සහෝදරයාගෙන් ඈත්ව වෙනත් නගරයක ජීවත් වීම අපහසු වුණත් කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් ලැබුණු ආදරය, සහෝදරත්වය සහ රැකවරණය ලොකු අස්වැසිල්ලක් වුණා.
BTS කණ්ඩායමේ අනෙක් සාමාජිකයන්, තමන්ව ලොකු මහත් කල බවත්, ඔහුගේ පෞද්ගලික සහ වෘත්තීය ජීවිතයේ වර්ධනයට ඔවුන් ධණාත්මක බලපෑමක් ඇති කල බව පවසන ජන්ග්කුක් කණ්ඩායමේ සාමාජිකයන් හත් දෙනාගේම ගතිගුණ තමන් තුලින් විද්‍යමාන වන බවත්, ඔහුගේ ජීවිතයේ නියම ඇරඹුම ඔවුන් බවත් ප්‍රකාශ කරනවා. පසුකාලයක ජන්ග්කුක් විසින් ගායනා කරන Begin (ඇරඹුම) ගීතය BTS කණ්ඩායමේ සහෝදර සාමාජිකයන්ගේ ඒ ආදරය, රැකවරණය ඔහුගේ පෞද්ගලික සහ වෘත්තීය ජීවිතයට එක් කල වටිනාකම ගැන කියවෙන, ඔවුන්ට උපහාරයක් වශයෙන් ගායනා කරන ගීතයක්.
පාසල් කාලය සහ අධ්‍යාපනය
BTS කණ්ඩායමට එක් වීමට සොල් නගරයට පැමිණීමට පෙර බූසාන් පලාතේ අධ්‍යාපනය ලැබූ ජන්ග් කුක් පසුව සෝල් හි SOPA (School of Performing Arts) පාසලට ඇතුල් වන්නේ 2014 වර්ෂයේ මාර්තු 03 වන දිනයි. ඔහුව පාසලට භාර දීමේ උත්සවයට BTS කණ්ඩායමේ සාමාජිකයින් පවා සහභාගී වුණා. එතැන් පටන් ඔහුගේ පාසල් ජීවිතයට BTS කණ්ඩායමේ සාමාජිකයින් ගෙන් විශාල අත්වැලක් ලැබුණා. කණ්ඩායමේ වැඩිමහල් සාමාජිකයා වන Jin ඔහුව උදෑසන පාසලට කැඳවා ගෙන යාම එක් උදාහරණයක්.
ඉන් පසුව 2017 වර්ෂයේ ග්ලෝබල් සයිබර් විශ්ව විද්‍යාලයට ඇතුලත් වන ජන්ග්කුක් 2022 වර්ෂයේ තම Broadcasting and Entertainment උපාධිය සම්පූර්ණ කරනවා.
Watch: විශ්ව විද්‍යාල උපාධිය ලබාගත් ජන්ග්කුක්
වෘත්තීය ජීවිතයේ මෙතෙක් ආ ගමන සහ ජයග්‍රහණ
ජන්ග් කුක් ඇතුළු BTS කණ්ඩායම මේ වන විට බොහෝ සම්මාන ලබා තිබෙනවා. ඔවුන් දැනට ලෝක ගිනස් වාර්තා 26 කට පමණ හිමිකම් කියනවා.
ටයිම් සඟරාව ඔවුන්ව ඊළඟ පරම්පරාවේ නායකයින් ලෙසත්, ලෝකයේ වඩාත්ම බලගතු පුද්ගලයන් 100 අතරටත් නම් කරන ලද අතර දෙවරක්ම එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමට ද ඔවුන්ට ආරාධනා ලැබුණා. දකුණු කොරියාවේ අභිමානය නමින් විරුදාවලි ලද ඔවුන් කොරියානු ජනාධිපති නියෝජනය කරන රාජදූත ගමන් බලපත්‍රවල හිමිකරුවන්.
කණ්ඩායමක් ලෙස දැනට ලබා ඇති සම්මාන වලින් කිහිපයක්:
Mnet ආසියානු සංගීත සම්මාන 33 ක්
Melon සංගීත සම්මාන 29 ක්
ගෝල්ඩන් ඩිස්ක් සම්මාන 24 ක්
සෝල් සංගීත සම්මාන 20 ක්
කොරියානු සංගීත සම්මාන 6 ක්
Gaon සංගීත සම්මාන 19 ක්
ඇමරිකානු සංගීත සම්මාන 6 ක්
MTV වීඩියෝ සංගීත සම්මාන 6 ක්
Billboard ඉහළම සමාජ කලාකරු සම්මානය අඛණ්ඩව වසර 5 ක්
Billboard සංගීත සම්මාන 10 ක්
කොරියානු ජාතිකයෙකුට ලබා ගත හැකි එරට ඉහලම සම්මානය ලැබූ ලාබාලතම කොරියානුවන් වන්නේ ද BTS කණ්ඩායමයි.
දකුණු කොරියානු රජයෙන් රටේ ජාතික සහ සංස්කෘතික සංවර්ධනයට විශිෂ්ට මෙහෙවරක් කල කොරියානු ජාතිකයින්ට ලබා දෙන හ්වාග්වාන් සංස්කෘතික කුසලතා අස්න හිමි ලාබාලතම පුද්ගලයා වන්නේ ද ජන්ග් කුක්.
ජන්ග් කුක් ගායන කල ඒකල ගීත වන Begin, Euphoria, සහ My Time ගීත ඔහුගේ අත්දැකීම් පාදක කරගෙන රචනා කර තිබෙන අතර “Euphoria” සහ “My Time” කොරියානු ගායකයෙක්ගේ ඒ්කල ගායනයක් බිල්බෝර්ඩ් ගෝලීය ගීත විකුණුම් දර්ශකයේ වැඩිම සති ගණනක් රැඳී සිටි ගීත අතරට එක් වෙනවා. ඔහු ගායනා කල Stay Alive ගීතය නිසා Billboard Global 100 දර්ශකයට ඉහල ස්ථානයකට ඇතුලත් වූ පළමු කොරියානු ඒකල ගායකයා බවට පත් වීමට ඔහුට අවස්ථාව ලැබුණා.
Your Eyes Tell, Run, We Are Bulletproof Pt.2, No More Dream, Autumn Leaves, My Time, RUN BTS සහ Magic Shop වැනි BTS ගීත රචනයට ජන්ග් කුක් දායකත්වය සැපයූ අතර Love Is Not Over, Magic Shop, සහ Still With You වැනි ගීත නිෂ්පාදනයට ද දායක වුණා.
Sold Out King
BTS අද ගෝලීය සංගීත කර්මාන්තයේ අති සාර්ථකව වැජඹෙන සංගීත කණ්ඩායමක්. ඔවුන් අලෙවිකරණ අංශයෙත් ඉහලම වෙළඳ සන්නාමයක් බවට පත් වී අවසන්. ඒ අතර ජන්ග් කුක්ට “Sold Out King” නාමය පටබැඳී තිබෙන්නේ ඔහු පාවිච්චි කරන සියළු දෑ ඔහුගේ රසිකයින් විසින් ද මිළදී ගැනීමත් සමඟ බොහෝ නිෂ්පාදන ක්ෂණයකින් විකිණී අවසන් වන නිසයි. ඔහු එම ජනප්‍රියත්වය සුළු පරිමාණ ව්‍යාපාර වලට උපකාර කිරීමට යොදා ගන්නේ බොහෝ විට සුළු ව්‍යාපාර හා කුඩා කර්මාන්ත වලට අයත් නිෂ්පාදන පාවිච්චි කරමින්.
Watch: BTS ජන්ග්කුක් සහ Chipotle සිද්ධිය
ගායන, නර්තන හා රංගන අංශ වල කුසලතා හැරුණු විට ක්‍රීඩා අංශයේ ද දක්ෂතා දක්වන ජන්ග් කුක් දක්ෂ චිත්‍ර ශිල්පියෙක්.
දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වෙන ජන්ක්කුක්ගේ පියා ගේ ආභාෂය ඔහුට මෙන්ම ඔහුගේ සහෝදරයාටත් ලැබී තිබෙනවා.

එමෙන්ම දක්ෂ කැමරා අධ්‍යක්ෂකවරයෙක් වන ඔහු Life Goes On නම් BTS ගීතයේ රූප රචනා වල අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළා.
සමාජ සේවා කටයුතු
“අපේ සාර්ථකත්වයට වාසනාව බල පෑවා. හැබැයි ඒ වාසනාව ලබා ගන්න අපි බොහෝ මහන්සි වුණා.”
BTS Jungkook
Many child artists achieve popularity, wealth and fame early in their acting, singing, and dancing talents. Their fans love them, and wealth and fame embrace their lives. But only a handful of them makes the most of that luck. Many child artists cannot maintain the success of their work in the same way for the rest of their lives. There are plenty of examples of child artists who went astray because of their wealth and fame or became victims of substance abuse.
Jeon Jung Kook, a member of the widely popular and successfully super band BTS., is one of the artists who achieved fortune and fame at an early age. Jungkook (JK) is an exemplary character who walks the right path in personal and professional life without being blinded by fame and wealth.
Jungkook is the lead singer, sub rapper, lead dancer, and centre of BTS. He is also a professional songwriter, music producer and camera director.
This brief description of Jungkook’s career, achievements and journey so far!
Childhood and joining BTS
Jungkuk joined BTS at 15 (Korean age 15, international age 13). Before that, he participated in the Busan Superstar K program but did not qualify for the final round. However, that became a turning point in his life. Seven of South Korea’s leading talent management companies who saw his potential invited this young boy to join their own companies as an idol trainee.
But little Jungkook chose Big Hit Entertainment, where Kim Namjoon was an artist. Jung Kook made the decision to choose this company for a simple reason. The little boy was impressed by the talent of rapper Kim Namjoon (at that time called Runch Randa), who later became the leader of his band BTS. That was in 2011.
Jungkook moved to Seoul to start his idol training and started his school in Seoul. Then, in 2012 he went to the United States to study dance. He fell in love with dancing so much that after completing his dance training in the United States, he returned home wanting to pursue a career as a dancer instead. However, he decided to continue his idol training after the advice of Park Ji-min, another trainee at Big Hit who later became a member of his band.
After being selected as one of the finalists out of the 30 trainees of Big Hit, 16 years old, Jungkook began his musical career as the lead singer of the BTS, officially debuting on June 13, 2013.
Jungkook, the youngest member of the BTS, found it challenging to live apart from his parents and older brother. But the love, brotherhood, and support he received from the group members greatly comforted him.
Jungkook often mentions other members of the BTS team have raised him. They have positively impacted the growth of his personal and professional life. He once said that the qualities of all seven members are manifested in him and that they are the real beginning of his life. He dedicated his soulful and emotional song, ‘Begin’, to his team members.
Living in a small one-bedroom apartment together and practising daily while attending school, the seven boys of BTS worked hard for the success of their band. During this time, a close friendship, brotherhood and understanding between the members were formed, and it became the foundation of the success and longevity of BTS. If there is one thing that has never wavered even after 10 years in the music industry is the strong bond BTS members share with one another.
These seven boys, who never try to move up by dragging another member down, always put their members and the team first. So they faced and still face all the praises, cheers and insults together.
Jeon Jung Kook uses the stage name ‘Jung Kook’ and JK. Jungkookie, Kookie, Kook, JK, Golden Maknae, Justin Seagull, Jeon Seagull, Jungoo, Kangaroo, Jay Kay and Bunny are a few of the other nicknames that the BTS members and their fans, ARMY, have given him. Golden Maknae was the nickname given to him by BTS leader RM for being good at everything.
Before choosing “Jungkook” as his official stage name, he suggested the name ‘Seagull’ because the official bird of his hometown, Busan, was a seagull.
Education
Jungkook studied in Busan before joining BTS in Seoul and later attended Seoul’s SOPA (School of Performing Arts) on March 3, 2014. The BTS members and his parents participated in his induction and graduation ceremonies. Since then, his school life has been greatly supported by members of the BTS team. The group’s eldest member, Jin, took him to school in the morning.
After graduation, Jungkook chose not to sit for the university selection exam as he would focus on his music career. But later, he entered the Global Cyber University in 2017 and completed his Broadcasting and Entertainment degree in 2022.
Career journey and achievements so far.
The BTS team, including Junkook, has won many awards so far. In addition, they currently hold about 26 Guinness World Records. They hold the record as the highest Deasang awards winner and the only artist after Michael Jackson to earn 5 No. 01 Billboard ranks in 10 months. BTS are also two-time Grammy nominees.
Time magazine named them as leaders of the next generation and among the 100 most influential people in the world. They were twice invited to address the UN General Assembly. Nicknamed the Pride of South Korea, In 2021, they were granted diplomatic passports. They were chosen to participate in the UN SGD meeting as the presidential envoy.
Some of the awards currently held as a team are:
33 Mnet Asian Music Awards
29 Melon Music Awards
24 Golden Disc Awards
20 Soul Music Awards
6 Korean Music Awards
19 Gaon Music Awards
6 American Music Awards
6 MTV Video Music Awards
Billboard Top Social Artist Award for 5 consecutive years and 10 Billboard Music Awards
BTS are the youngest Korean to receive the country’s highest award available to a Korean citizen.
Jungkook is the youngest Korean national to receive the ‘Hwagwan Cultural Talent Award’, given by the South Korean government to Koreans who have made a significant contribution to the national and cultural development of the country.
Sold Out King
BTS is one of the most successful bands in the global music industry today. They are one of the most sought-after and high-value brand ambassadors in the marketing sector. Meanwhile, Jungkook has earned the nickname “Sold Out King” because most of the products he uses are bought by his fans and sold out instantly. He is known to often support small businesses and artists.
Besides his singing, dancing and acting skills, Jungkook excels in sports and is a talented painter.
According to Jung Kook, he and his brother were inspired by his father, a talented artist.

The short films he shoots, edits, and directs are called GCF (Golden Closet Films). He is also a talented cinematographer and worked as the music video director for the BTS song, “Life Goes On”.
He is also a talented lyricist and a music producer.
Philanthropy
Jungkook, like the rest of the members of the BTS team, has been involved in various social service activities worldwide. Their donations are being provided to children, hospitals, people and animals affected by disasters. In addition, revenue from BTS albums and members’ personal contributions are often donated without publicity.
Regarding the success of the BTS, he once said,
“Luck contributed to our success. But we worked hard to earn that Luck.”
BTS took Korean pop music to the global stage and introduced it to the general public beyond k-pop fans. They are a few of the most successful artists and billionaires. They have reached the pinnacle of the global music industry and broke and set many records. BTS paved the way for young Asian artists and the Korean music industry. But no matter how much money, praises, awards and fame they received, Jungkook and the other members still work with utmost dedication, humility and a passion for music!
The humble, kind, down-to-earth and respectful nature of Jung Kook and his dedication and the will to learn and improve himself despite being born talented are praiseworthy and he is exemplary to the young and future generation.
