TIME : TRAVELER, Seo Tae-ji and BTS

TIME : TRAVELER, Seo Tae-ji and BTS

TIME : TRAVELER ප්‍රසංගය, Seo Tae-ji  සහ BTS

? TIME : TRAVELER ප්‍රසංගය, Seo Tae-ji  සහ BTS ඉතිහාසය ගැන කෙටි සටහනක් …

1972 වසරේ උපන් Seo Tae-ji මහතා, ගායකයෙක්, සංගීතඥයෙක්, ගීත රචකයෙක් සහ වාර්තා නිෂ්පාදකයෙක් ලෙස කොරියානු සංගීත කේෂ්‍ත්‍රයේ කැපී පෙනෙන අය අතරින් කෙනෙක්. “සංස්කෘතික ජනාධිපති” – the President of Culture යන නාමය ඔහුට පටබැඳී ඇත්තේ එබැවින්. ඔහු නිර්මාණය කල Seo Taiji and Boys (සංගීත කණ්ඩායම කොරියානු පොප් සංගීතය (k-pop) නිර්මාණයට සහ සංවර්ධනයට සැලකිය යුතු විශාල දායකත්වයක් ලබා දුන්නා.

ඔහුගේ වසර 25 ක සංගීත දිවිය සමරමින් 2015 වසරේ පැවැත් වූ මෙම TIME : TRAVELER ප්‍රසංගය සඳහා BTS ද සහභාගී වුණා. එහි විශේෂත්වය වූයේ එවකට අදට සාපේක්ෂ ව ඒ තරම් ජනප්‍රියත්වයක් හිමි කරගෙන නොතිබුණු BTS කණ්ඩායමේ දක්ෂතා හඳුනාගෙන ඔවුන්ට වටිනාකමක් ලබා දීමට Seo Tae-ji සංගීතඥයා කටයුතු කිරීමයි.

එම ප්‍රසංගයේදී Seo Tae-ji සංගීතඥයා විසින් තමන්ගෙන් පසු කොරියානු සංගීතය ඉදිරියට ගෙන යා හැකි තමාගේ එකම අනුප්‍රාප්තිකයා ලෙස BTS නම් කළා. බොහෝ කොරියානු සංගීත කණ්ඩායම් විසින් තමන් Seo Tae-ji අනුප්‍රාප්තිකයින් බව හඳුන්වා ගනිමින් ප්‍රචාරණ කටයුතු කල සමයක මෙලෙස ඒ සංගීතඥයා විසින්ම තම එකම අනුප්‍රාප්තිකයා BTS බව පැවැසීම/ නම් කිරිම එකල BTS කණ්ඩායමේ ඉදිරි ගමනට දැඩි බාධා එල්ල කල/ අකමැති වූ බොහෝ දෙනාට එල්ල වූ අතුල් පහරක් වුණා. මෙම ප්‍රසංගයේදී ඔහුගේ ප්‍රසිද්ධ ගීත නවයක් ඉදිරිපත් කිරීමට BTS කණ්ඩායමේ සාමාජිකයින් ද එක් වුණා.

පරම්පරා දෙකක් නියෝජනය කරමින් Seo Tae-ji සහ BTS ඉදිරිපත් කල නර්තනයන් එකල විශාල අවධානයක් සහ අවධානයක් දිනා ගත්තා.

(මුළු ප්‍රසංගය පැය දෙක හමාරක් නිසා BTS ඉදිරිපත් කිරීම් පහතින් සඳහන් කරන්නම්. නමුත් මුළු ප්‍රසංගයම අනිවාර්යෙන්ම නැරඔිය යුතු වටිනා අත්දැකීමක්)

00:13:30 난 알아요 (I know) (with SUGA, RM)

00:16:12 이 밤이 깊어가지만 Although this night is getting deeper) ((with J-HOPE, Jimin)

00:19:45 환상속의 그대 (You in Fantasy) (with J-HOPE, Jimin)

00:21:36 하여가 (with 정국, 뷔 / JUNGKOOK, V)

00:27:20 너에게 (To you) (with Jin, Jimin)

00:38:45 교실이데아 (with BTS) Classroom Idea – මෙම ගීතය සහ No more dream අතර බොහෝ සමානකම් තිබෙන අතර Classroom Idea ගීතය අතරතුර SUGA විසින් BTS No more dream ගීතයේ කොටසක් ගායනා කිරීම විශේෂත්වයක්

00:46:10 Come Back Home (with BTS)

01:55:52 우리들만의 추억 (our own memories) (with BTS)

Tags: