BTS I NEED U යනු The Most Beautiful Moment in Life, Pt. 1 ඇල්බමයේ ප්‍රධාන ගීතයයි. BTS වෘත්තීය ජීවිතයේ පළමු වතාවට දකුණු කොරියානු රූපවාහිනී සංගීත සංදර්ශනයක ජයග්‍රහණයක් ලබා ගැනීමට මේ ගීතය සමත් විය.
“I Need U මට විශේෂ ගීතයක්, මම මේ ගීතය ලියද්දී හිතුවේ මේක තමයි අවසානය, අවසාන ආලෝකය කියලයි. ඒකට හේතුව අපි ඒ තරම් සාර්ථක නොවුණ එක කියලා ඔයාලා හිතනවා ඇති. නමුත් ඒක ඇත්තක් නෙමෙයි. ගණන් බැලුවොත් (ඇල්බම් විකුණුම්) ඒක අපි හිතන තරම් නරක නැහැ, ඒත් ඇත්තටම අපිට ලොකු බලාපොරොත්තු තිබ්බා. ඒක මේක අන්තිම එක වෙන්න පුළුවන් කියන එක තමයි අපි හිතුවේ. ඒක නිසයි අපි ඔක්කොම ගිහින් මේ ඉදිරිපත්කිරීමට අපිට දෙන්න පුළුවන් හැමදේම දුන්නේ. මට තාම පැහැදිලිව මතකයි එදා මට දැනුන හැගීම්. අපි I need you ගීතය ඉදිරිපත් කරපු පලවෙනි ප්‍රසංගය M Countdown එක. මට තාම මතකයි මොන ඇඳුම්ද අපි ඇන්ඳේ කියලා. ප්‍රේක්ෂකයෝ නැතුව පටිගත කළේ. අපිට කොට කලිසමක් තිබුණා, නාවික හමුදාවේ වගේ ඇඳුමක් ඇඳගෙන හිටියේ මම විතරයි. ඒ වේදිකාවේ කවදාවත් නොදැනුණු හැඟීමක් මට දැනුණා. මම කල්පනා කළා “ඇයි මේ ගීතය ගායනා කරනකොට මේ තරම් දුකක් දැනෙන්නේ?” කියලා. අපි මේ අපේ අන්තිම එක වෙන්න පුළුවන් කියලා හිතලා එදා අපේ හැමදෙයක්ම ඒකට දුන්නා. ඒක (මේ ඉදිරිපත්කිරීම) අපේ ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂයක්”
BTS SUGA – Min Yoongi, 2020
- පළමු පැය 16ක් තුළ නැරඹුම් වාර මිලියනයකට ළඟා විය—එකල ඕනෑම BTS සංගීත වීඩියෝවක් සඳහා වූ වේගවත්ම වාර්තාව එයයි.
- 2015 Melon Music Awards හි “I Need U” සඳහා හොඳම පිරිමි නර්තන සම්මානය හිමි විය.
- 2016 සැප්තැම්බර් වන විට, ගීතය දේශීයව ඩිජිටල් බාගත කිරීම් 800,000 කට වඩා අලෙවි වී තිබුණි.
- 2019 දෙසැම්බර් වන විට, එහි සංගීත වීඩියෝව නැරඹීම් වාර මිලියන 200 ඉක්මවා ගිය BTS ගීත අතර 14 වැනි ස්ථානය බවට පත් විය.
- නිකුත් වූ මාසයේම පිටපත් 100,000 කට වැඩි ප්‍රමාණයක් අලෙවිය වෙනුවෙන් ජපානයේ පටිගත කිරීමේ කර්මාන්ත සංගමය (RIAJ) විසින් රන් සහතිකය ලබා ගන්නා ලදී.
- streams මිලියන 30 ඉක්මවීම යෙවුවෙන් ඩිජිටල් ගීතයට 2021 ජුනි මාසයේදී රිදී සහතිකය ලැබුණි.
- බිල්බෝඩ් “I Need U” ශ්‍රේණිගත කළේ 2010 කාලයේ සිට නිකුත් වූ විශිෂ්ටතම K-pop ගීත 100 ලැයිස්තුවේ 80 වැනි විශිෂ්ටතම K-pop ගීතය ලෙසයි.
නිකුත් වූ විගසම, “I Need U” දකුණු කොරියානු සමාජ අඩවි වල trending keyword එක බවට පත් වූ අතර විවිධ සංගීත ලැයිස්තු වල අංක එකේ ස්ථානයට පත් වූ අතර Melon, Bugs සහ Naver Music ලැයිස්තු වල ඉහළම 10 වෙත ළඟා විය.
එය Gaon’s Weekly Digital සහ Weekly Download ලැයිස්තු වල පස්වන ස්ථානයට පත් වූ අතර එහි පළමු සතිය තුළ ඩිජිටල් ඒකක 93,790ක් අලෙවි විය. මෙම ගීතය ඩිජිටල් බාගැනීම් 850,000කට වඩා වැඩි ප්‍රමාණයක් රැස් කර ගැනීමට සමත් විය.
එක්සත් ජනපදයේ, “I Need U” Billboard World Digital Songs Chart හි අංක 4 ට පත් වූ අතර, 2019 සැප්තැම්බර් වන විට, ගීතය බාගත කිරීම් 98,000ක් විකිණී තිබුණි.
reference: Billboard
Official Music Videos
Original title: I Need U
Released: April 29, 2015
Genre: Dance-Pop, K-Pop
Length: 3:30
Language: Korean
Label: Big Hit Entertainment
Song Writers: Pdogg, “Hitman” Bang, RM, Suga, J-Hope, Brother Su
Producer: Pdogg
Credits adapted from Tidal
The Japanese version of the song “I Need U” appears in BTS’s first Japanese studio album Youth.
Original title: I Need U (Japanese Ver.)
Released: June 17, 2015
Length: 3:33
Language: Japanese
Label: Pony Canyon
Song Writers: Pdogg, Hitman Bang, RM, Suga, J-Hope, Brother Su
Producer: Pdogg
Credits adapted from Tidal
Official Music Video(s)
ජපානයේ, මෙම ගීතය එහි ආරම්භක දිනයේදීම පිටපත් 43,000කට වඩා අලෙවි වූ අතර Oricon Daily Singles Chart හි අංක එකේ ස්ථානයට පත් විය. එහි පළමු සතිය අවසන් වන විට, දෙසැම්බර් 7 සිට 13 දක්වා කාලසීමාව සඳහා මුළු පිටපත් 95,668 ක් අලෙවි වී තිබූ අතර සතිපතා ලැයිස්තුවේ අංක තුනට ඇතුළත් විය.
Other Performances – වෙනත් ඉදිරිපත්කිරීම්:
දකුණු කොරියාවේ විවිධ රූපවාහිනී සංගීත වැඩසටහන්වල ප්‍රවර්ධන ඉදිරිපත්කිරීම් වලට අමතරව, 2015 Dream Concert, KBS1 හි 열린음악회 (විවෘත ප්‍රසංගය) ඇතුළුව, බුසාන් හි ආසියානු ගීත උළෙල, සහ ස්කයි ඩෝම් හි 2015 සුපර් සෝල් ප්‍රසංගය වැනි දකුණු කොරියාවේ විශාලතම K-pop ප්‍රසංග සහ උත්සව කිහිපයකදී BTS “I Need U” ඉදිරිපත් කරන ලදී.
ගීතයේ විශේෂ ප්‍රතිමිශ්‍රිත අනුවාදයක් (remix) ප්‍රථම සහ එකම වතාවට 2015 නොවැම්බර් 7 වැනි දින Melon Music Awards හිදී ඉදිරිපත් කරන ලදී.
මෙම ගීතය චීනයේ බීජිං හි පැවති 17th Korea & China Songs Festival වැනි ප්‍රධාන විදේශීය ඉදිරිපත්කිරීම් යටතේ ද ඉදිරිපත් කරන ලදී.
කොරියානු-මියන්මාර රාජ්‍යතාන්ත්‍රික සබඳතා වල 40 වැනි සංවත්සරය නිමිත්තෙන් 2015 Kpop Concert Live In Yangon Myanmar ප්‍රසංගයේ දී මේ ගීතය ඉදිරිපත් කරන ලද අතර “I Need U” නිකුත් වූ දා සිට සෑම BTS සංචාර ප්‍රසංගයකම ස්ථිර කොටසක් ලෙස ඇතුළත් විය.
2020 දෙසැම්බර් 18 වන දින පැවති, 10 වන වාර්ෂික KBS ගීත උළෙල සඳහා BTS විසින් ඔවුන්ගේ ගීත තුනේ කොටසක් ලෙස “I Need U” ඉදිරිපත් කරන ලදී.
Episode 방탄소년단 ‘I NEED U’ MV shooting
방탄소년단 ‘I NEED U’ Dance Practice
First Release! BTS Powerful Charisma! M COUNTDOWN EP.422
Comeback Stage BTS 방탄소년단 – I NEED U, Show Music core 20150502
BTS (방탄소년단) Music Bank HOT Stage 2015.05.15
HOT BTS 방탄소년단 – 아이 니드 유, Show Music core 20151226
2015 MBC Music festival 2015 MBC 가요대제전 – BTS 20151231
BTS Exclusive
BANGTAN BOMB ‘I NEED U’ Stage @COMEBACK SHOW ‘BTS DNA’ – BTS (방탄소년단)
BANGTAN BOMB Recording I NEED U chorus in BTS choir