About

BTS කණ්ඩායමේ ගීත බොහෝමයක් වචනයෙන් වචනය පරිවර්තනය කර නිවැරදි අර්ථය ලබා ගැනීම අපහසුයි. නිවැරදි අර්ථය හරියටම දැනගන්න නම්, ඒ සෑම ගීතයකටම අදාළ සංකල්ප සහ සංකේතාත්මක ඉඟි විශ්ලේෂණ කළ යුතුයි. BTS කණ්ඩායම නිකුත් කරන සෑම ගීතයකම පසුබිම් කතාවක් නැත්තම් වටිනා අර්ථයක් තිබෙනවා. ඒ වගේම රූප රචනා (MV) වලත් සැඟවුණු අරුත් ඉඟි ඇතුලත් බොහෝමයක් අන්තර්ගතයි. ඔවුන්ගේ ගීත ධනාත්මක අදහස්, සමාජයට වැදගත් පණිවිඩ සහ මානසික සතුට/ සෞඛ්‍යය මෙන්ම ඉතිහාසය, මනෝ විද්‍යාව, කලාව, වැනි අංශ වල ගැඹුරු සහ ඉගෙන ගත යුතු වැදගත් අදහස් වලින් සමන්විතයි.

ගීත පරිවර්තනයේදී සංකේතාත්මක අර්ථයන් හා වචනාර්ථ අතර නිසි සමබරතාවයක් පවත්වා ගනිමින් ඒ ගීත අර්ථකථනය කිරීම සහ ගීත සිංහල භාෂාවට පරිවර්තනය නිවැරදිව සහ සරලව පරිවර්තන පැහැදිලි කිරීම Ceylon Bangtan හි දැක්මයි.

Ceylon Bangtan Official channel for BTS songs’ deep meaning, BTS theories, and helpful BTS facts in Sinhala for BTS ARMY fandom in Sri Lanka.

Sinhala Translations are mine (credited as Ceylon Bangtan 실론 방탄) and the translation notes I add to the songs are my understandings of the lyrics and not part of the song’s original lyrics and subjective to my opinion. I focus on semantic, culturally appropriate translations with a balance between figurative and literal meanings aided by research.

Ceylon Bangtan is dedicated to BTS (Bangtan Sonyeondan) and managed by a Sri Lankan BTS ARMY. Ceylon Bangtan has no intention of profit nor affiliated with the band or any respective parties.

One Love Ceylon Bangtan” aka OLCB is a SL BTS ARMY OT7 family who love and respect & support BTS & each other without toxic fan behavior. Ceylon Bangtan/OLCB is not a fan base nor represent any local fanbases.

Ceylon Bangtan වෙබ් අඩවියේ සහ Youtube චැනල් දෙකේ ප්‍රධාන අරමුණු

BTS කණ්ඩායමේ සංගීතමය, කලාත්මක, අධ්‍යාපනික සහ සාමාජයීය වටිනාකම, BTS ARMY රසික සංසඳයේ වැදගත්කම, BTS ගීත වල ගැඔුරු තේරුම්, පසුබ්ම් කතා සහ න්‍යායන්, BTS ගීත සහ සාමාජිකයින්ගේ චරිත වලින් ගත හැකි ආදර්ශ සහ අධ්‍යාපනික වටිනාකම් පිළිබඳව තොරතුරු සිංහල භාෂාව කතා කරන BTS ARMY සමඟ බෙදාගැනීම, සහ රටට, සංස්කෘතියට සහ සමාජයට ගැලපෙන යහපත් රසික හැසිරීම් ප්‍රවර්ධනය කිරීම

01. Deep diving into BTS lyricism

  • BTS ගීත වල නිවැරදි අර්ථ
    BTS ගීත බොහෝමයක් වචනයෙන් වචනය පරිවර්තනය කර නිවැරදි අර්ථය ලබා ගැනීම අපහසුයි. නිවැරදි අර්ථය හරියටම දැනගන්න නම්, ඒ සෑම ගීතයකටම අදාළ සංකල්ප සහ සංකේතාත්මක ඉඟි විශ්ලේෂණ කළ යුතුයි. මෙම අර්ථකථනයන් සහ පරිවර්තන ඉදිරිපත් කිරීමේදී සංකේතාත්මක අර්ථයන් හා වචනාර්ථ අර්ථයන් අතර නිසි සමබරතාවයක් පවත්වා ගැනීමයි Ceylon Bangtan මූලික අරමුණ.

02. Deep Diving into Bangtan Words 

03. Deep diving into BTS artistry & Influence

04. BTS and ARMY History & Interesting facts

  • BTS සහ ARMY ගැන දැනගත යුතු වැදගත් අතීත සිදුවීම්, කරුණු [YouTube Series]
  • අනවශ්‍ය ලෙස ඇබ්බැහි වීමකින් තොරව රසිකයෙක් විදිහට BTS ARMY රසික සංසඳයේ ‌ගරුත්වය ආරක්ෂා කරමින් කටයුතු කල යුතු ආකාරය

05. South Korean Culture & Interesting facts

  • දකුණු කොරියාවේ සංස්කෘතිය සහ ඉතිහාසය ගැන කරුණු [YouTube Series]

06. Telegram සහ Instagram හරහා BTS සම්බන්ධ දෛනික වැදගත් තොරතුරු


  • Ceylon Bangtan යූ-ටියුබ් චැනල් දෙකේ කමෙන්ට් හරහා නිතර කතාබහ කරන, එක් වූ ශ්‍රී ලාංකික BTS ARMY මිතුරු කැල OLCB – “One Love Ceylon Bangtan” ලෙස හඳුන්වනවා.
  • Ceylon Bangtan හෝ One Love Ceylon Bangtan (OLCB) මිතුරු කැළ ශ්‍රී ලංකාවේ fan base එකක් වශයෙන් කටයුතු නොකරන බව කරුණාවෙන් සලකන්න.
  • Ceylon Bangtan යටතේ ක්‍රියාත්මක කිසිදු සේවාවක් ආදායම් අපේක්ෂාවෙන් ක්‍රියාත්මක නොවන අතර කිසිදු ආදායමක් උපයන්නේ නැත.
  • උපුටා ගැනීම සඳහා අවසර ලබාගන්න.


Ceylon Bangtan Milestones